×

මියැන්මාරයේ තවත් සිවිල් වැසියන් 80 ක් හමුදා වෙඩි තැබීමෙන් මරුට

මියැන්මාරයේ බාගෝ නුවර උද්ඝෝෂකයන් වෙත එල්ල කළ හමුදා ප්‍රහාරවලින් තවත් 80 දෙනෙකුට වඩා මරණයට පත් ව තිබේ.


ඝාතනයට ලක් වූ උද්ඝෝෂකයන්ගේ සිරුරු,හමුදාව විසින්ම ඉවත් කළ බව ප්‍රකාශ කරන ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ මළ සිරුරුවලින් මරණ ගණන මැනිය නොහැකි නිසා, මිය ගිය සත්‍ය සංඛ්‍යාව මීට වඩා ඉහළ විය හැකි ද බවයි.

සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ කිසිදු ඉවක් බවක් නොමැතිව හමුදාව විසින් වෙඩි තැබීම සිදුකළ බවයි.

මියැන්මාරයේ මේ දක්වා ඇති වූ හමුදා සංහාරය තුළ මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව මේ අනුව 600 ද ඉක්මවා යයි.

BBC

නවතම සංහාරය වාර්තා වන බාගෝ නුවර, යැන්ගොන් හි ප්‍රධාන නගරයයි. මේ වන විට එම නගරයේ බොහෝ දෙනෙක් පළා ගොස් ඇත. මේ අතර, මීට පෙර වාර්තාවලින් කියැවුණේ මියැන්මාර වැසියන් ආරක්ෂාව පතා අසල්වැසි ඉන්දියාවට ද පළා යමින් සිටින බවයි.

මියැන්මාරයේ Now පුවත් සේවාව උද්ඝෝෂණය සංවිධානය කළ ක්‍රියාකාරියෙකු මෙසේ උපුටා දක්වයි.

‘‘මේක සංහාරයක්. හමුදාව සෙවණැලිවලට පවා වෙඩි තියනවා..‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි