×

මියන්මාර මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ට ජය​ක් – අවුන් සාන් සූ කීගේ NLD පක්ෂය

පීඩාකාරී මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මියන්මාරයේ පාලක පක්ෂය සඳුදා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බව ඔවුන්ගේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.


පීඩාකාරී මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මියන්මාරයේ පාලක පක්ෂය සඳුදා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බව ඔවුන්ගේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.

නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කී සහ ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදී රජය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස ඉරිදා පැවති මැතිවරණය සලකනු ලැබීය.

NLDය මියන්මාරය තුළ ජනප්‍රියත්වයක් ඉසිලූවත් රොහින්ග්‍යා මුස්ලිම් සුළුතරයට එරෙහි ජන සංහාරය පිළිබඳ චෝදනාවලින් එහි ජාත්‍යන්තර කීර්තිය බිඳ වැටී තිබේ. රෝහින්ග්‍යා වැසියන්ට එරෙහි මිලිටරි මර්දනය හසුරුවීමෙන් පසු සූ කී ද බටහිර රටවල් අතර ප්‍රජාතන්ත්‍රවාදී නිරූපකයෙකු ලෙස තවදුරටත් නොසැලකේ.

මැතිවරණයෙන් පසු, එන්එල්ඩී ප්‍රකාශක මයෝ නියුන්ට් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ ආසන 322 ට වඩා වැඩි ප්‍රමාණයක් තමන් දිනාගෙන ඇති බවයි. ඔහු නිශ්චිත ඇස්තමේන්තුවක් ලබා නොදුනද, ඔහු මේ බව පැවසූවේ රට පුරා ඡන්ද මධ්‍යස්ථානවල පක්ෂ නියෝජිතයින්ගේ වාර්තා වලින් සම්පාදනය කරන ලද දත්ත මත පදනම්ව ය. 2015 දී ලබාගත් මුළු ආසන 390 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව සඳුදා ප්‍රතිඵල නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කළ නමුත් අපේක්ෂකයින් සහ පාර්ශවයන් තමන්ගේම දත්ත අන්තර්ජාලයේ පළ කිරීම නිසා සවස් වන විට ප්‍රකාශයට පත්කර තිබුණේ අතළොස්සක් පමණි.

පාර්ලිමේන්තු පහළ ආසන 425 කින් ආසන 315 ක් ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 217 කින් 161 ක් ද ජයග්‍රහණය කළ හැක.

යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය මියන්මාරය ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ප්‍රශංසා කළ නමුත් රාඛයින් ප්‍රාන්තයේ ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ද ඇතුළුව ඡන්දදායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම පිළිබදව විවේචනය කළහ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ කියා සිටියේ, ඡන්ද විමසීම් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියේ වැදගත් පියවරක් සනිටුහන් කළ නමුත් වොෂින්ටනය මිලිටරි සඳහා විශාල සංඛ්‍යාවක් වෙන් කිරීම සහ රෝහින්ග්‍යා ඇතුළු කණ්ඩායම් වලට ඡන්දය භාවිතයට ඉඩ නොදීම පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බවයි.

වොෂිංටනය මියන්මාරයේ මැතිවරණ ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරන බව පැවසූ පොම්​පෙයෝ, ඡන්ද ගණන් කිරීම සහ පැමිණිලි විසඳීම “විනිවිද පෙනෙන හා විශ්වසනීය ආකාරයකින්” සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි