මියන්මාරයේ හමුදා ජුන්ටාව හා ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම් අතර දරුණු සටන් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
2020 මියන්මාර මහ මැතිවරණයෙන් පසුව, අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම උදුරාගත් හමුදා ජුන්ටාව අවස්ථා ගණනාවකදී මහජන නැගී සිටීම අතිශය මර්දනකාරී ලෙස විනාශකළ මුත් මේ වන විට Brotherhood Alliance නම් කණ්ඩායම හා අරකන් හමුදාව නොවැම්බර් 13 වන දින සිට නව පෙරමුණක් විවෘත කළ අතර, පසුගිය සතිය පුරා දරුණු සටන් බටහිර රඛයින් ප්‍රාන්තයේ දිගටම පැවති තිබේ.
එමෙන්ම, ප්‍රාන්ත අගනුවර වන ලොයිකාව්හි පාලනය සඳහා කුමන්ත්‍රණ විරෝධී සටන්කාමීන් සටන් කරන තායි දේශසීමාවේ පිහිටි Sagaing කලාපයේ මෙන්ම චින් ප්‍රාන්තය, ඉන්දියාවට මායිම්ව සහ Kayah ප්‍රාන්තයේ ද ආණ්ඩුවට එරෙහිව මිලිටරියේ විරුද්ධවාදීන්ගේ මෙහෙයුම් උත්සන්න වී ඇත. සුළුතර කැරන්නි හමුදාව නගරය තුළ ඉතා දැඩි සටන්වල යෙදී සිටි සිටින අතර මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැවසුවේ සන්නද්ධ ගැටුම් මෑත සතිවල ජනගහනයෙන් යුත් නාගරික මධ්‍යස්ථාන ඇතුළු තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව, මියන්මාරයේ මෑත කාලීන ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 2 කට අධික ජනතාවක් අභ්‍යන්තරව අවතැන් වී ඇති අතර, සිවිල් වැසියන් 187 ක් මිය ගොස් 246 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සශිකලා මධුෂාණි