මියන්මාරය මේ වන විට ලොව විශාලතම අබිං නිෂ්පාදකයා ලෙස ඇෆ්ගනිස්ථානය අභිබවා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) වාර්තා ඉදිරිපත් කර තිබේ.
පසුගිය වසරේ තලෙයිබාන්වරු පාලනය ලබා ගැනීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය තහනම් කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ පොපි වගාව 95% පහත වැටිණි. ඒ අනුව මෙම වසරේදී මියන්මාරය හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන අබිං ටොන් 1,080 දක්වා නිෂ්පාදනය 36% කින් වැඩි කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
මියන්මාරයේ මේ වන විට ආර්ථික අවස්ථා සීමිත වීම, වෙළඳපල සහ රාජ්‍ය යටිතල පහසුකම් සඳහා සීමා සහිත ප්‍රවේශය සහ උද්ධමනය සහ මුදල් අවප්‍රමාණය හේතුවෙන් නරක අතට හැරෙන ආර්ථික වාතාවරණය අබිං මෙන්ම අනෙකුත් නීති විරෝධී භාණ්ඩ, ආකර්ශනීය විකල්පයක් හෝ ජීවනෝපාය මාර්ග බවට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) වාර්තා කරන්නේ,
මියන්මාරයේ, තායිලන්තයේ සහ ලාඕසයේ දේශසීමා හමුවන කලාපය – ඊනියා රන් ත්‍රිකෝණය – ඓතිහාසිකව අබිං සහ හෙරොයින් නිෂ්පාදනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අතර මියන්මාරය සහ ඇෆ්ගනිස්ථානය ලොව පුරා අලෙවි වන හෙරොයින්වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනයට දායක වේ.
සශිකලා මධුෂාණි