×

වෙනත් මන්දාකිණියක සිට පෘථිවියට අභිරහස් රේඩියෝ සංඥාවක්.

මෙවැනි වර්ගයේ රේඩියෝ තරංග පැමිණිය හැක්කේ ආලෝක වර්ෂ බිලියන 1.5 ක පමණ දුරකිනි.


අභ්‍යවකාශයේ ඉතා දුරක සිට පෘථවියට අභිරහස් රේඩියෝ තරංග කිහිපයක් ලැබී ඇත.
තාරකා විද්‍යාව පිළිබද විශේෂඥයන් අනාවරණය කර ගෙන ඇති පරිදි ඉතාමත් ඈතින් පවතින වෙනත් මන්දාකිණියක සිට පැමිණි මෙම රේඩියෝ තරංග හසුවී ඇත්තේ කැනඩාවේ පිහිටි අධි තරංග දුරේක්ෂ වලටයි.

මෙම රේඩියෝ තරංග කොහේ සිට ආවාදැයි නිශ්චිත ලෙසම කිව නොහැකි වුවත් වේග 13 ක රේඩියෝ තරංග අතරින් FRB හෙවත් “fast radio bursts” නමින් හදුන්වන මෙම රේඩියෝ තරංග කලා තුරකින් මින් පෙරද එක්වතාවක් ලැබී ඇත අතර ආ මෙවැනි වර්ගයේ රේඩියෝ තරංග පැමිණිය හැක්කේ ආලෝක වර්ෂ බිලියන 1.5 ක පමණ දුරකිනි.

මින් පෙරද මෙවැනි රේඩියෝ තරංග විශ්වයේ සිට පැමිණ ඇතත් මෙහි විශේෂත්වය වන්නේ එය එක්වරකදී නැවත නැවතත් සිදු වූ දෙවන අවස්ථාව මෙය වීමයි. ඒ අයුරිනි මෙවර නැවත නැවතත් සය වතාවක් සිදුවී ඇත.


Canada’s new radio telescope, CHIME

එය සම්පූර්ණයෙන්ම විශ්වයේ වෙනත් කොටසක සිට පැමිණෙන රෝඩියෝ තරංගයක් බවත් මෙවර ඇතිවූ තරංග පිළිබද අධ්‍යයනය කිරීම ඉතා අපහසු බවත් ඒ පිළිබද පරීක්ෂණ සිදු කරන හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් පවසා ඇත. එමෙන්ම ඔවුන් පවසන්නේ මෙය විශ්වයේ වෙනත් ජීවයක් හෝ පිටසක්වල ජීවීන් පිළිබදව සංඥාවක්ද විය හැකි බවයි.

මෙය නැවත නැවතත් සිදුවුව හෝත් සැබවින්ම මෙම සංඥා ලැබෙන්නේ කොහෝ සිටදැයි සහ එය කවුරුන් විසින් එවන්නක්දැයි නිශ්චිත ලෙසම අනාවරණය කරගත හැකි වනු ඇති බවටද පර්යේෂක විද්‍යාඥයින්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි