×

සඳට යාමට පෙම්වතියක් ඕනෑ කර තිබේ!

අයදුම් කළ හැකි අවසන් දිනය හෙට (17) වැනිදා ය. මෙය විහිළුවක් හෙම නොවේ.


ජපාන කෝටිපතියෙක් ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ස්ටාෂිප් (Starship) යාත්‍රාවට නැගී සඳට යාමට අපේක්ෂා කරයි.

මේ ගමන සඳහා සුදුසු පෙම්වතියකගෙන් ඔහු විසින් අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය හෙට (ජනවාරි 17) දා ය.

යුකාසු මේසාවා (Yusaku Maezawa) තරුණ කෝටිපතියෙකි. ඔන්ලයින් රිටේල් සමාගමක් වන Zozotown හි හිමිකරු වන ඔහු, ලලිත කලා නිර්මාණ එකතු කරන්නෙක් ද වෙයි. සඳ ගමනට ඔහු සූදානම් වන්නේ 2018 වසරේ පටන් ය.

මේ ගමනට ඔහු කලින් සැලසුම් කර තිබුණේ, කලාකරුවන් 6-8 අතර ප්‍රමාණයක් තමන්ගේ වියදමෙන් එක් කර ගන්නට ය. දැනුදු ඒ සැලසුම වෙනස් වී නැත. සඳට ගොඩ නොබාන නමුත් සඳ වටා රවුම් ගැසීමට නියමිත ලෝකයේ ප්‍රථම පුද්ගලික චන්ද්‍ර යානය වන ස්ටා ෂිප් හි ඔහු සිය අසුන වෙන් කර ගත්තේ ඒ වසරේදී ය. ඔහු, මෙසේ ආසන වෙන් කර ගත් පුද්ගලික ගගනගාමීන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.

ළාබාල පෙනුමක් තිබුණත් යුකාසු මේසාවා 44 හැවිරිදි ය. ඒ මදිවාට දෙදරු පියෙකි. නමුත් ඔහු 2020 වසර වන විට සිය සිත වෙනස් කරගෙන ඇත්තා සේ ය. ඒ අනුව කලාකරුවෙකුට වෙන් කළ එක් ආසනයක් වයස අවුරුදු 20 ක් හෝ ඊට වැඩි සුරූපිනියකට පරිත්‍යාග කිරීමට ඔහු කාරුණික වී ඇත.

අයදුම්පත් කැඳවා සුදුසු සහකාරියක් තෝරාගන්නා මේ තරගය, මේ වන විට ලෝ ප්‍රකට වී තිබෙන්නේ ‘කෝටිපතියාගේ පෙම්වතී තරගය‘ යනුවෙනි.

මේ පුවත මුලින්ම පැමිණියේ යුකාසු මේසාවාගේ ට්විටර් ගිණුමෙනි.

‘‘අවශ්‍ය කර තිබේ!!!! සඳට යන පළමු කාන්තාව ඔබ නොවන්නේ ඇයි? #MZ_looking_for_love, යන හෑෂ්ටැගය ඔස්සේ ඔහු මේ ආන්දෝලනාත්මක ඇරයුම කර තිබේ.

ඔබ කාන්තාවක් නම්….,

‘රටක පළමු කාන්තාව‘ යන පට්ටම ලබන්නට නම්, ඔබ ඒ රටේ ජනාධිපතිවරයා සමග විවාහ විය යුතුය.

දැන් ‘සඳට යන පළමු කාන්තාව‘ යන පට්ටම ලබන්නට නම්, ඔබ සඳට යන කෝටිපතියෙකු සමග විවාහ වන්නට බැරි නම් අඩුම ගානේ තාවකාලිකව පෙම්වතිය බවටත් පවත් විය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි