×

‘අධිරාජ්‍යවාදීන් කුඩුපට්ටම් කරන්න’ කිම් හා පුටින් ලිපි හුවමාරු කර ගනී

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද්වී පාර්ශවිය දිගුකාලීන උපායමාර්ගික සබඳතාවයක් වර්ධනය කරගැනීමේ අරමුණින් ලිපි හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ. 1910-45 ජපන්නයේ යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීමේ 78 වැනි සංවත්සරය පසුගිය අගහරුවදා දිනට යෙදී තිබීම සමරමින් රාජ්‍ය නායකයන් දෙදෙනා මෙලෙස ලිපි හුවමාරු කරගෙන ඇතැයි KCNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා […]


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද්වී පාර්ශවිය දිගුකාලීන උපායමාර්ගික සබඳතාවයක් වර්ධනය කරගැනීමේ අරමුණින් ලිපි හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.

1910-45 ජපන්නයේ යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීමේ 78 වැනි සංවත්සරය පසුගිය අගහරුවදා දිනට යෙදී තිබීම සමරමින් රාජ්‍ය නායකයන් දෙදෙනා මෙලෙස ලිපි හුවමාරු කරගෙන ඇතැයි KCNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මෙහිදී උතුරු කොරියානු නායක කිම් ප්‍රකාශ කර තිබුනේ, ජපානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග දෙරටෙහි මිත්‍රත්වය ආරම්භ වූ බවත්, මේවන විට උතුරු කොරියාව හා රුසියාව අධිරාජ්‍යවාදීන්ගේ අත්තනෝමතික භාවිතයන් සහ ආධිපත්‍යය බිඳ දැමීමේ අරගලයේ දී ඔවුන්ගේ අනභිභවනීයත්වය සහ ශක්තිය මුළුමනින්ම ප්‍රදර්ශනය කරමින් සිටින බවත්, මිත්‍රත්වය සහ සහයෝගීතාවය දීර්ඝ කාලීන උපාය මාර්ගික සබඳතාවයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවත්ය.

රුසියානු ජනාධිපති පුටින් විසින් උතුරු කොරියානු ජනාධිපතිවරයා වෙත සිය පණිවිඩයේ සදහන්කර තිබුණේ දෙරටේ යහපැවැත්ම සහ කොරියානු අර්ධද්වීපයේ සහ සමස්ත ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා අපි සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කරන බවයි.

යුක්රේනයේ යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට කාලතුවක්කු උණ්ඩ, රොකට් සහ මිසයිල ඇතුළු ආයුධ සපයන බවට එක්සත් ජනපදය දිගින් දිගටම චෝදනා කරන අතර උතුරු කොරියාව හා රුසියාව විසින් එම ආයුධ ගනුදෙනු ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි