×

අඟහරු මත 3D ගෙවල්!

Nasa ආයතනය අඟහරු මත ත්‍රිමාන (3D) නිවාස ඉදිකිරීමට සැලසුම් කරයි. අඟහරු ජය ගැනීමෙන් නොනැවතී එය ජනාවාසකිරීමේ සිහිනයට මිනිසා සමවැදී සිටියි.


අඟහරු මත 3D ගෙවල්!

කුජ ග්‍රහයා හෙවත් අඟහරු, ‘ජනාවාස කිරීමේ සිහිනය‘ට මිනිසා තවදුරටත් සමවැදී සිටියි. අඟහරු ග්‍රහයා මත ත්‍රිමාන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නට නියමිත ව තිබෙන්නේ ඒ අනුව ය. 3 D homes on Mars with Nasa

පෘථිවියෙහි වසන මිනිසාගේ මීළඟ ඉලක්කය අඟහරු ග්‍රහයා ජය ගැනීමයි. තතු අනාවරණය කර ගැනීම සඳහා අඟහරු ග්‍රහයා මතට යානා යවා ඇති මුත්, මිනිසකුට එහි ළඟාවීමට අද වනතුරුත් හැකියාව ලැබී නැත. අභ්‍යවකාශගාමීන් රැගත් යානයක් අඟහරු මතට වැඩිකල් නොගොස් ගොඩ බස්සවා ගැනීම, නාසා ප්‍රමුඛ අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනවල විද්‍යාඥයන්ගේ අභිප්‍රායයි.

AI Space Factory designed a 3D-printed house for NASA's habitat challenge. Credit: AI SpaceFactory/Plompmozes

AI Space Factory designed a 3D-printed house for NASA’s habitat challenge. Credit: AI SpaceFactory/Plompmozes

කුජ ග්‍රහයා මතට මිනිසකු පළමුවෙන්ම පිටත් කර හැරීමේ වෑයම යතාර්ථයක් කර ගැනීම අසීරු වී ඇතත් අඟහරු මත මිනිසුන් පදිංචි කරවීමේ සිහිනයටත් මිනිසා දැන් සම වැදී සිටී. ඒ නිසාම අඟරු මත නිවාස තැනීමේ වැඩ පිළිවෙලක් ගැන කතිකාවතක් ආරම්භ වී ඇත. මේ කතිකාවතට සමගාමීව අඟහරු මත ඉදි කළ හැකියැයි කියා අනුමාන කෙරෙන නිවාසවල ආකෘතිත් ඉදිරිපත් වෙමින් තිබේ. ඇමෙරිකාවේ නිව් යෝර්ක් පදනම් කරගත් පර්යේෂණ සහ ගෘහ නිර්මාණ ආයතනයක විද්වත්හු පිරිසක්, අඟහරු මත ඉදි කළ හැකි “3D ප්‍රින්ටඩ්” නව නිවාස මෝස්තරයක් පසුගිය දා ඉදිරිපත් කළහ. “ඒ.අයි ස්පේස් ෆැක්ටරි” යනුවෙන් හැඳින්වෙන මේ සමාගම පෙන්වා දෙන්නේ මී වදයක හැඩය ගන්නා නිවාස කුජ මත ස්ථාපනය කළ හැකි බවකි.

AI Space Factory designed a 3D-printed house for NASA's habitat challenge. Credit: AI SpaceFactory/Plompmozes

AI Space Factory designed a 3D-printed house for NASA’s habitat challenge. Credit: AI SpaceFactory/Plompmozes

සමාගම නිර්මාණය කර ඇති එක් නිවෙසක් අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකුට සෑහෙන බව සඳහන් වේ. අඟහරු මත ස්වභාවයෙන්ම පිහිටා ඇති ද්‍රව්‍යය වැඩිපුර භාවිතයට ගෙන එම නිවාස තනා නිම කළ හැකි බව සමාගමේ බලධාරීහු පවසති. එවැනි වැඩපිළිවෙලකට අනුගත නොවුණහොත් නිවාස තැනීමට අවශ්‍ය ද්‍රව්‍යය රොකට් මඟින් අඟහරු මතට රැගෙන යන්නට විශාල පිරිවැයක් දරන්නට සිදුවනු ඇත. සමාගම ඉදිරිපත් කර ඇති 3D ප්‍රින්ටඩ් නිවාස තැනීම සඳහා බේසෝල්ට් සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ජෛව ප්ලාස්ටික් යොදා හැකි බවත් සමාගම පෙන්වා දෙයි. සිරස් අතට නිර්මාණය කර ඇති නව නිවාස මෝස්‌තරය අඟහරු ග්‍රහයාගේ වායුගෝලීය පීඩන සහ සුළං තත්ත්වවලටත් අඟහරුගේ ගුරුත්වාකර්ෂණයටත් ගැලපෙන බව සඳහන් වේ.

යට කී නිවෙස නිර්මාණය වන්නේ පිටත කවචයකින් සමන්විතව ය. එම පිටත කවචය අඟහරු ග්‍රහයා මතුපිට පෘෂ්ඨය සමඟ සම්බන්ධ කළ හැකිය. එබඳු කවචයක් නිර්මාණය කර තිබෙන්නේ නිවෙස දැඩි සුළං තත්ත්වවලින් ආරක්ෂා කර ගැනීම සඳහා බව කියැවේ. නිවෙසේ අභ්‍යන්තර කවචය පදිංචිය සඳහා සකස් කර ඇත. එය ස්ථර හතරකට හෙවත් මහල් හතරකට වෙන් කර තිබේ. පහළම ස්ථරයේ තිබෙන්නේ තෙත් විද්‍යාගාරයකි. එයට ඉහළ මහලෙහි වියළි විද්‍යාගාරයක් සහ මුළුතැන් ගෙය ස්ථාපිතය. අනෙක් මහල් දෙක වෙන් කර තිබෙන්නේ විනෝදාස්වාද කටයුතු සඳහා බැව් දැක්වේ. නිදන කාමර සහිත කොටස්, පෞද්ගලිකත්වය රැකෙන පරිදි නිවෙස තුළ වෙනම ස්ථාපනය කර තිබේ. ජලය පිරවූ විශාල වහල කවුළු සහිත වැසුම්වලින් හිරු එළිය නිවෙස අභ්‍යන්තරයට පෙරණය වේ.

මෙවැනි නිවෙසක උරුමකරුවකු වී අඟහරු මත ජීවත් විය හැකි දිනයක්, පෘථිවි වාසි ජනයාට අනාගතයේදී අත්දකින්නට ලැබෙනු ඇත. ඒත් ඒ දවස කවදාදැයි කියා හරියටම පැවැසීම තවමත් අසීරුය.

තවත් ලිපි :

පාකර් ඉර අල්ලන ගමනේ!

තිරුවානා සහ පළිඟු පිරුණු ලෝකයේ පැරණිම උල්කාවෙන් රහස් රැසක්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි