×

පාකර්, ඉර අල්ලන ගමනේ!

‘‘ඉතිහාසයේ කිසිදාක මිනිසා මෙතරම්, අපේ සූර්යයාව ස්පර්ශ කරන තරම් ආසන්නයට ගිහින් නැහැ“ යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රචාලන විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක ලෙස කටයුතු කරන ආචාර්ය නිකී ෆොක්ස් බීබීසී පුවත්සේවය අමතා කියා තිබේ. 


සූර්යයා ‘ස්පර්ශ කිරීම‘ අරමුණු කර ගනිමින් නාසා ආයතනය ‘පාකර් සූර්ය යානය‘ අභ්‍යවකාශ ගත කළේය.

Parker Solar Probe- NASA -Getty

ඒ අනුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවෙන් ගමන් ඇරඹි මෙම සූර්ය යානය මගින් පෙර නොවූ විරූ තරම් සූර්යයාගේ සමීපයට ගමන් කිරීම සඳහා චන්ද්‍රිකාවක් මුදා හරිනු ඇත.

CNN

පාකර් සූර්ය යානය හිරු බලා ගමන ආරම්භ කළේ පෙර දිනයේ එය දියත් කිරීම අසාර්ථක වීමෙන් පසුව ය.
ඉතිහාසයේ මිනිසා විසින් සෑදූ- වේගයෙන්ම චලනය වන වස්තුව වන්නේ පාකර් සූර්ය යානයයි.
එනම් මෙහි වේගය 690,000km/h (430,000mph) කි. මෙය හරියට, නිව්යෝක් නුවර සිට ටෝකියෝ නුවර බලා විනාඩියකින් ගමන් කිරීමට සමාන ය.
හිරු ගැන මිනිසා නොදන්නා අබිරහස් ගණනාවක් විසඳීමට අවශ්‍ය දත්ත මෙමගින් පෘථිවිය වෙත එවීමට නියමිත ය.
එසේම දැනට ජීවතුන් අතර සිටිනා පුද්ගලයෙකුගේ නමින් නම් කළ ලෝකයේ පළමු අභ්‍යවකාශ යානය වන්නේ ද පාකර් සූර්ය යානයයි.
එය නම් කර තිබෙන්නේ තාරුකා විද්‍යාඥ ඉයුජින් පාකර් (Eugene Parker) සිහිවීමට ය. 91 හැවිරිදි ඉයුජින් පාකර් 1958 වසරේදී ‘සූර්ය සුළං‘ නමැති සංසිද්ධිය විස්තර කිරීමට සමත් වූ ලෝකයේ ප්‍රථමයා බවට පත්විය. ‘සුපර්සොනික් සූර්ය සුළඟ‘ සහ සර්පිලාකාර හැඩයක් ගන්නා සූර්ය චුම්භක ක්ෂේත්‍රය මුලින්ම අනාවරණය කර ගත්තේ ඔහු විසිනි.
‘‘Wow, here we go!… අපිට ඊළඟ අවුරුදු කිහිපයේදී යම් දෙයක් දැනගන්නට ලැබේවි..‘‘ යැයි මෙම චිකාගෝ සරසවි මහාචාර්යවරයා සූර්ය යානය හිරු වෙත පිටත්ව යන අයුරු බලමින් පැවසීය.
මෙම පාකර් සූර්ය යානය විසින් හිරු වෙත ගෙන යන චන්ද්‍රිකාවේ නම Delta-IV Heavy rocket ය.
පාකර් සූර්ය යානය අජටාකාශය බලා ඇදී ගොස් පැයකට පසු ඩෙල්ටා – 4 හෙවි රොකට්ටුව, සූර්ය යානයෙන් මිදී හිරු බලා ඇදී යාම ආරම්භ කළ බව නාසා ආයතනය තහවුරු කළේය.
‘කොරෝනා‘ (සූර්ය රැස් වළල්ල) යනුවෙන් හඳුන්වන සූර්යයාගේ බාහිර වායුගෝලය වෙත මෙය කෙළින්ම ඇදී යාමට නියමිත ය.
ඒ අනුව සති 6 ක කාලයකින් එය සෙනසුරුගේ රැස් වළල්ල පසු කරනු ඇත. තවත් සති 6 කින් එය හිරු වෙත ළඟා වනු ඇත.
එනම් මාස 3 ක කාලකින් පසු මෙම චන්ද්‍රිකාව හිරු වෙත සමීප වීමට නියමිත ය.
ඉන්පසු පුරා වසර 7 ක් පාකර් සූර්යයා වටා රවුම් 24 ක් ගසනු ඇත. එහිදී සූර්ය රැස් වළල්ලේ භෞතිකයන් අධ්‍යයනය කරනු ඇත. මිනිසා ජීවත් වන පෘථිවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලය භ්‍රමණය වන්නේ සූර්යයා වටා ය. එසේම පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු කෙරෙහි වැඩිම බලපෑමක් ඇතිකරන තාරුකාව වන්නේ ද සූර්යයා ය.
එහිදී හිරුගේ තුනී වායුගෝලය තුළට පිවිසෙන සූර්ය යානය, එහි නියැදි පරීක්ෂා කරනු ඇත. මෙහිදී මෙම යානය ගමන් කරනු ඇත්තේ හිරුගේ සෙල්සියස් අංශක 6000 ක් වන මතුපිට සිට සැතපුම් මිලියන 3.83 ක් හෙවත් කිලෝමීටර මිලියන 6.16 ක් ඈතිනි.
මෙය විශාල දුරක් ලෙස ඔබට පෙනී යා හැකි වුවත්, මෙය සරල බසින් කියන්නේ නම් මෙසේ ය. හිරු සහ පෘථිවිය අතර දුර මීටරයක් යැයි සිතන්න. එවිට පාකර් සූර්ය යානය කැරකෙනු ඇත්තේ හිරුගේ සිට සෙන්ටිමීටර 4 ක් නුදුරෙනි!
‍‘‘ඉතිහාසයේ කිසිදාක මිනිසා මෙතරම්, අපේ සූර්යයාව ස්පර්ශ කරන තරම් ආසන්නයට ගිහින් නැහැ“ යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රචාලන විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක ලෙස කටයුතු කරන ආචාර්ය නිකී ෆොක්ස් බීබීසී පුවත්සේවය අමතා කියා තිබේ.
සූර්යයා මත ඔබේ නමත් ලියන්න තිබූ අවස්ථාව මෙයයි!
පසුගිය මාර්තු මාසයේ, නාසා ආයතනය පාකර් සූර්ය මෙහෙයුම පිළිබඳ ලොව පුරා අවධානය දිනා ගත්තේ ‘සූර්යයා ස්පර්ශ කිරීමේ ටිකට්පත්‘ නිකුත් කිරීම මගිනි.
ඒ අනුව ලොව පුරා ඕනෑම අයෙකුට ඒ සඳහා අයදුම් කළ හැකිවූ අතර, පහත දැක්වෙන්නේ Outboundtoday.com සාමාජිකයෙකු විසින් ඒ සඳහා කළ ඉල්ලීමට නාසා ආයතනය විසින් ප්‍රතිචාර ලබාදී තිබූ ආකාරයයි.
 
මෙම ටිකට් පත “Hot Ticket” යනුවෙන් ඔවුන් නම් කර තිබිණි.
සූර්ය ගමන වෙත සමස්ත ලෝකවාසී අවධානය දිනා ගැනීම සඳහා සංවිධානය කර තිබූ මෙම “Hot Ticket” campaign හි කොටසක් වශයෙන් නිකුත් කර තිබූ මෙම හොට් ටිකට් පතෙහි මෙසේ සඳහන් කර ඇත.
‘‘සූර්යයා ස්පර්ශ කිරීම පිණිස වූ පළමු මෙහෙයුමට සම්බන්ධ වූ ඔබට අපේ ප්‍රණාමය! ඔබේ නම සඳහන් මෙමරි කාඩ්පතක් පාකර් සූර්ය යානයේ ගැබ් කරනු ඇත. හිරුගේ වායුගෝලය තුළ නිමග්න වන මොහොතේ, මීට පෙර කිසිදු ගගන යානයක් සිදු නොකළ තරම් සූර්යයා මතුපිටට සමීප වන මොහොතේ, ගොරතර උණුසුම හා විකිරණ තත්වයන් සමග අප සමග එක් වී මානවයා තරුවක් වෙත ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් සමීප වන මොහොත සමග එක්වන්න!“


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි