×

නේටෝ සමුළුව මෙවර ලිතුවේනියාවේ රැස් වේ.

මෙවර සමුළුවේ යුක්රේනයේ යුද්ධයේ දිශානතිය සහ බටහිර සන්ධානයේ අනාගතය හැඩගස්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරේ.


මෙවර නේටෝ සමුළුව මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මූලිකත්වයේන් දෙදින සාකච්ඡාවන් සඳහා ලිතුවේනියාවේ රැස්ව තිබේ.

මෙවර සමුළුව ප්‍රධාන මාතෘකාවන් දෙකක් යටතේ සාකච්ඡා කෙරෙන අතර යුක්රේනයේ යුද්ධයේ දිශානතිය සහ බටහිර සන්ධානයේ අනාගතය හැඩගස්වා ගැනීම යන තීරණාත්මක කරුණු දෙක පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

මිත්‍ර පාක්ෂිකයින් 31 දෙනාම යුක්රේන යුද්ධයේදී යුක්රේනයට සිය දායකත්වය දක්වන්නට එකඟව ඇති අතර තවත් ආයුධ සහ පතොරම් ලබාදීම පිළිබඳව ද මෙවර සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත වේ.


මීට අමතරව නේටෝ සාමාජිකයන් තම හමුදා ශක්තිමත් කිරීම මගින් අනාගත රුසියානු ආක්‍රමණයට එරෙහිව සිය ආරක්ෂාව සහතික කර ගැනීම වෙනුවෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත වන අතර ඔවුන් සිය ජාතික ධනයෙන් අවම වශයෙන් 2%ක් හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි