×

නේපාලයේ නායයාමක් 14 දෙනෙකුට මරු කැඳවයි – 10 දෙනෙකු අතුරුදන්!

2022 වසර තුළ පමණක් නේපාලයේ ස්වභාවික ආපදා නිසා මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 48ක්!


ඉන්දියාවේ නේපාලයේ බටහිර කලාපයට ඇද වැටෙන ධාරානිපාත වර්ෂා හේතුවෙන් හටගත් නායයාමකින් පුද්ගලයන් 14 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්වී 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැලවුම් කණ්ඩායම් මෙම අතුරුදන් වූ පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මෙම නායයෑම් තත්ත්වයෙන් දැඩි අලාභ හානි සිදුව ඇති අතර, නේපාලයේ කත්මන්දු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර 450ක් පමණ ඔබ්බට පිහිටා ඇති අචම් දිස්ත්‍රික්කයේ මඩවලට වැළලී ගිය නිවාස පහක සුන්බුන් අතර මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් ගොඩ ගැනීමට ගැලවුම් කණ්ඩායම් සමත් වී තිබේ.

තුවාල ලැබූවන් වහා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. මේ අතර, අතුරුදන් වූවන් සුන්බුන් අතර සිරවී සිටිනු ඇතැයි සිතා සෝදිසි මෙහෙයුම් දියත්කරන අයුරු මෙම සිදුවීමේ දසුන් ඇතුළත් වීඩියෝපට වල දැක්වේ.

නේපාලයේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල නායයාම් සහ ගංවතුර තත්ත්වයන් සුලභව සිදුවන අතර, මෙම තත්ත්වයන් වඩාත්ම සිදුවන්නේ ජූනි සහ සැප්තැම්බර් අතර වාර්ෂික මෝසම් වර්ෂා සමය තුළයි.

ගතවූ වසර තුළ මෙවන් ආපදා තත්ත්වයන් හේතුවෙන් නේපාලයේ මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 48 ක් පමණ වන බවත්, අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 12 ක් බවත් රජයේ වාර්තා පෙන්වා දෙයි.

ඡායාරූප: නිව්ස්ට්‍රේට්ස් ටයිම්ස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි