×

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට

FlightRadar24 වෙබ් අඩවියට අනුව මෙම යානය වයස අවුරුදු 15ක් පැරණි බව පැවසෙන අතර ගුවන් සේවා ආරක්ෂණ ජාල දත්ත ගබඩාව පෙන්වා දෙන්නේ මෙම අනතුර 1992 පසු සිදුවූ විශාලතම ගුවන් අනතුර බවයි.


පුද්ගලයන් 72 දෙනෙකු රැගෙන කත්මන්ඩු සිට ගමන් කරමින් තිබූ ද්විත්ව එන්ජින් සහිත ATR 72 යානය දිවයිනට බටහිර දෙසින් පිහිටි Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල දී අනතුරට ලක් වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Yeti Airlines විසින් මෙහෙයවන ලද මෙම යානයේ ළදරුවන් තිදෙනෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු ගමන්ගත් බව ගුවන් සමාගම විසින් නිවේදනය කර තිබේ. ගමන්ගත් මඟීන් අතර ඉන්දියානුවන්, හතර දෙනෙකු රුසියානු සහ දකුණු කොරියානුවන් දෙදෙනෙකු ද අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ආර්ජන්ටිනාව යන රටවලින් එක් මඟියෙකු බැඟින් සිට ඇති බව වාර්තා වේ.

අගමැති පුෂ්ප කමල් දහාල් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ආරක්ෂක නිලධාරීන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වන ලෙස ඉල්ලා ඇත. Yeti Airlines නිවේදනය කළේ හෙට දිනයේ සියලුම සාමාන්‍ය ගුවන් ගමන් අවලංගු කර ජීවිත අහිමි වූ මගීන් වෙනුවෙන් ශෝකය පළ කරන බවයි.

FlightRadar24 වෙබ් අඩවියට අනුව මෙම යානය වයස අවුරුදු 15ක් පැරණි බව පැවසෙන අතර ගුවන් සේවා ආරක්ෂණ ජාල දත්ත ගබඩාව පෙන්වා දෙන්නේ මෙම අනතුර 1992 පසු සිදුවූ විශාලතම ගුවන් අනතුර බවයි.

එවරස්ට් ඇතුළු ලොව උසම කඳු 14 න් අටක් පිහිටි නේපාලයේ ගුවන් යානා කඩා වැටීම සාමාන්‍ය දෙයක් නොවේ. නිරන්තරව සිදුවන හදිසි කාලගුණ වෙනස්වීම් හේතුවෙන් අනතුරු දායක තත්වයන් ඇතිවන බැවින්, යුරෝපා සංගමය විසින් 2013 වසරේ සිට නේපාල ගුවන් සේවා සිය ගුවන් සීමාවෙන් තහනම් කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි