×

පාසල් ගැන මම බලා ගන්නම්, කොරෝනා මැද නේතන්යාහු ගෙන් යෝජනාවක්!

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ වත්මන් කොරෝනා වසංගත තත්වය මත පනවා ඇති නීති සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවකදී ය.


ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු මහතා එරට කැබිනට් මණ්ඩලය අමතා ඉල්ලීමක් සිදුකොට තිබේ.

ඔහු ඉල්ලා සිටින්නේ තමා සහ විකල්ප අග්‍රාමාත්‍ය හා ආරක්ෂක අමාත්‍ය බෙනී ගෑන්ට්ස් යන මහත්වරුන් ඊශ්‍රායලයේ පාසල් පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පත්කරන ලෙසයි.

ඊශ්‍රායල නීතිපති අවිඡායි මැන්ඩෙල්බ්ලිට් මීට ප්‍රතිචාර දක්වමින් පවසා තිබෙන්නේ, පාසල් පද්ධතියට අදාළ බලධාරී වන්නේ අධ්‍යාපන අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත්, ඒ අනුව අලුතින් පත්කළ විශ්‍රාමික කර්නල් අමිත් අද්‍රි සතුව මෙම බලය පවතින බවත් ය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ වත්මන් කොරෝනා වසංගත තත්වය මත පනවා ඇති නීති සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවකදී ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි