×

නේතන්යාහු ගේ අපරාධ නඩුව COVID-19 නිසා කල් යයි

ඊශ්‍රායලයේ පවතින්නේ භාරකාර රජයකි. එය ඉතා අසාර්ථක බවත්, නේතන්යාහු යනු දූෂිත පාලකයකු බවත් බොහෝ පාර්ශව පවසති.


ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු ට එරෙහිව ගොනුවූ අපරාධ නඩුව මාස දෙකකට කල් දමා ඇති බවට වාර්තා වේ.

ජෙරුසලමේ දිස්ත්‍රික් විනිසුරු අද (15) දින ප්‍රකාශ කර සිටියේ වත්මන් කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ට එරෙහිව ගොනුවී ඇති නඩුව ඉදිරි මාස දෙකකට කල් දැමූ බවයි.

අල්ලස් ලබා ගැනීම, විශ්වාසය පළුදු කිරීම හා වංචා දාමයකට චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරස අවදානම මත පොදු රැස්වීම් පැවැත්වීම සීමා කිරීම ආදී පියවරයන් රැසක් ගැනීමට එරට රජය කටයුතු කර තිබීම නිසා නඩු කැඳවීම සිදු නොවිණි.

ඒ අනුව අදාල නඩුව එළඹෙන මැයි 24 වන දින දක්වා කල් දමා තිබේ.

ඊශ්‍රායලයේ මේ වන විට 200 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරස අසාදනයට ලක්ව තිබේ.

සිය ධනවත් හිතමිතුරන් ගෙන් මිළ අධික ත්‍යාග ලැබීම, මාධ්‍ය බලවතුන් සමඟ සිය වරප්‍රසාද හුවමාරු කර ගැනීම ආදී කරුණු මත නේතන්යාහු ට ඉහත චෝදනා ගොනුවී තිබේ.

එහෙත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මේ කිසිදු චෝදනාවක් සත්‍ය නොවන බවයි.

මෙය මාධ්‍ය මඟින් නිර්මාණය කරන ලද සාවද්‍ය ජවනිකාවක් බවට ඔහු වැඩිදුරටත් පවසන ලදී.

කෙසේවෙතත් ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය ප්‍රයෝජනයට ගනිමින් තම චෝදනා වලින් මිදීමට නේතන්යාහු තැත්කරන බවයි.

ඔහු වැරදිකරු වුවහොත්;

  • අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වසර 10 ක සිර දඬුවමක් ද,
  • වංචා සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් උපරිම වසර 3 ක සිර දඬුවමක්ද

ලැබීමට ඉඩ පවතින බව නීති විශාරදයින් පෙන්වා දෙයි.

ඊශ්‍රායලයේ අපරාධ චෝදනා ලැබි පළමු අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නේතන්යාහු බව පැවසේ.

ඊශ්‍රායලයේ පවතින්නේ භාරකාර රජයකි. එය ඉතා අසාර්ථක බවත්, නේතන්යාහු යනු දූෂිත පාලකයකු බවත් බොහෝ පාර්ශව පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි