×

Netflix Password Sharing පහසුකමට වැට බැදෙන ලකුණු

වෙනත් පාර්ශවයන් සමග බෙදාගන්නා Password (Password Sharing) භාවිතා කර Netflix භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් සූදානම් බව සඳහන් කරයි.


මේ වන විට ලොව පුරා සිනමා රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් දිනෙන් දින අලුත්වන සිනමා නිර්මාණ පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ඒවා නැරඹීමටත් ඉහළ ප්‍රවණතාවයක් පෙන්වනු ලබයි.

එලෙස ලොව ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණය කරන්නාවූ මෙන්ම විකාශය කරන්නාවූ සමාගමක් වන Netflix ආයතනය මගින් සිය පරිශීලකයන් වෙත පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි සඳහන් වූයේ Netflix නැරඹීමේදී ලබාගත යුතු වන Subscription සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී Netflix වෙතටම සිදුකළ යුතු බවයි.

එනම් වෙනත් පාර්ශවයන් සමග බෙදාගන්නා Password (Password Sharing) භාවිතා කර Netflix භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් සූදානම් බව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වීම සිදුකර ඇත්තේ Netflix සමාගමේ සම-ප්‍රධාන විධායක නිලධාරීන් වන Greg Peters සහ Ted Sarandos විසිනි.

Netflix ආයතනය සලකන විට ලොව පුරා මිලියන 200 කට අධික ප්‍රමාණයක පරිශීලක සංඛ්‍යාවක් භාවිතා කරනු ලබන මාධ්‍යයක් වන අතර ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුනගේ Subscriber ලබාගැනීමේදී අදාල ගෙවීම් වෙනත් පාර්ශවයන් වෙත සිදුකර Password Sharing මගින් Netflix නැරඹීම සිදුකරයි.

මෙය එම ආයතනය වෙත සැලකිය යුතු අලාභයක් ඇති කරන බවත් එම නිසා ඔවුනගේ ගුණාත්මකභාවයට හානි වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වන විට ලොව පුරා විශාල ප්‍රමාණයක පරිශීලකයන් මෙවැනි වෙළඳපොළේ පවතින Password Sharing පහසුකම ලබාගැනීම ඔවුනගේ ඉදිරි කටයුතු සඳහා තරමක බාධාවක් වන බවත් ඒ අතරින් ඉන්දියාව තුළ සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාමත් පුළුල්ව ව්‍යාප්ත වීම නිසා විශාල අලාභයක් සමාගම වෙත ඇතිවන බවත් ඔවුන් සඳහන් කර සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි