×

නොපෙනෙන විශ්වය සොයා නාසා ආයතනය NASA PACE දියත් කරයි

PACE ව්‍යාපෘතිය වසර 10ක් දක්වා පෘථිවි කක්ෂයේ ගමන් කිරීමට සහ අධ්‍යයනය කිරීමට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 08,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා ආයතනය මඟින් සාගර ජීවීන් සහ කුඩා වායුගෝලීය අංශු පිළිබඳ පෙර නොවූ විරූ පෙනුමක් ලබා දෙන විප්ලවීය නව චන්ද්‍රිකාවක් Plankton, Aerosol, Cloud, and ocean Ecosystem දියත්කල බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

Plankton, Aerosol, Cloud, and ocean Ecosystem මෙහෙයුම අද(08)දින Florida හි Cape Canaveral අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon 9 රොකට්ටුවකින් ගුවන් ගත කරන ලද අතර ගුවන්ගත වී පැය භාගයකට පසුව, අභ්‍යවකාශ යානයේ සූර්ය කෝෂ යොදවා එයට බලය ලැබෙන ලෙස මෙය නිර්මාණය කර තිබිණි.

PACE ව්‍යාපෘති විද්‍යාඥ ජෙරමි වර්ඩෙල් පැවසුවේ සාගර හා වායුගෝලීය ක්‍රියාවලීන් ග්‍රහලෝකය හැඩගස්වන්නේ කෙසේද යන්න වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම මෙමඟින් අපේක්ෂා කරන බවයි. නාසා හි පෘථිවි විද්‍යා අංශයේ අධ්‍යක්ෂ කැරන් ශාන්ත ජර්මේන් ප්‍රකාශ කර තිබුණේ, මෙමඟින් අපට මින් පෙර කිසිදා දැකීමට නොහැකි වූ දේවල් දැකීමට අපට ඉඩ සලසන බවයි.

PACE ව්‍යාපෘතිය වසර 10ක් දක්වා පෘථිවි කක්ෂයේ ගමන් කිරීමට සහ අධ්‍යයනය කිරීමට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇති අතර මෙය පෘථිවියේ දේශගුණය වෙනස් වන ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දීම සඳහා සාගර, ගොඩබිම, අයිස් සහ වායුගෝලය පිළිබඳ දත්ත රැස් කරන අපගේ ග්‍රහලෝකය වටා ගමන් කරණු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි