×

මිනිස් ලෝකයෙන් සත්ත්ව ලෝකයට කොරෝනා පැතිර යන බවට මුල්ම සාක්ෂිය ඇමරිකාවෙන්

වඳුරන් වැනි සමහර වන ජීවීන්ට වෛරසය තර්ජනයක් විය හැකි බවට සංරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර ගෝරිල්ලන්, චිම්පස් සහ ඔරංඔටන් වැනි සතුන්ගේ අවදානම අවම කිරීමට පියවර ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි


මිනිස් ලෝකය අභිබවා යමින් මේ වන විට සත්ත්ව ලෝකය ද ආක්‍රමණය කරන්නට කොවිඩ් 19 සූදානම් බවට සාක්ෂි අද නිව්යෝර්ක් සත්ත්වෝද්‍යානයකින් වාර්ථා විය. නිව්යෝරක් හී බ්රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිවු හැවිරිදි ව්‍යාග්‍රයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්ථා විය.

නඩියා නමින් හදුන් වන මෙම ව්‍යාග්‍රයා ,මිනිසෙකු මගින් කොවිඩ් -19 රෝගය ආසාදිත සත්වයෙකු ලෙස වාර්ථා වූ ප්‍රථම අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ. නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානය පවසන්නේ ලෝවා හී  ජාතික පශු වෛද්‍ය විද්‍යාගාරය විසින් ඔහු ආසාදිත යන්න සිදු කළ පරීක්ෂණ මගින් මේ බව තහවුරු කර ඇති බවයි..

මේ අනුව නඩියා ඇතුළු තවත් ව්‍යාග්‍ර පැටවුන් සය දෙනෙකුට මෙම සත්වෝද්‍යානයේ ආසාදිත පාලකයෙකු විසින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව සැළකේ.  සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය පෝල් කැලේ රොයිටර් පුවත් සේවයට පැවසුවේ මිනිසා මගින් රෝගය සත්වයෙකුට ව්‍යාප්ත වූ බව හදුනාගත් බවට මුලින්ම වාර්ථා වූ අවස්ථාව මෙය බවයි.

“අපි නඩියා ව පරීක්ෂා කළේ බොහෝ පරිස්සමෙන් ,කොවිඩ් -19 පිළිබඳ අප ලබා ගන්නා ඕනෑම දැනුමක් මෙම නව කිරීටක වයිරසය පිළිබඳ අඛණ්ඩව අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇතැයි සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නඩියා, ඇගේ සොහොයුරිය අසුල් මෙන්ම අමුර් ව්‍යාග්‍රයන් දෙදෙනෙකු සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අප්‍රිකානු සිංහයන් යන තිදෙනාම නුදුරේදී  පූර්ණ සුවය ලබා ගනු ඇතැයි අපේක්ෂා කරන බව සත්වෝද්‍යානය පවසයි.

කොරොනා වෛරසය වන ජීවීන්ගෙන් ආරම්භ වූවක් යැයි සිතන අතර වුහාන්හි සජීවී සත්ව වෙළඳපොළක් හරහා මිනිසුන්ට ආසාදනය වූ බව මෙතෙක් අප දැන සිටි කරුණය. නමුත් මෙම පුවත මගින් හෙළි වන්නේ කොරෝනා වෛරසය මිනිසාගෙන් සත්වයන්ටද ආසාදනය විය හැකි බවය.

කෙසේ වෙතත්, වඳුරන් වැනි සමහර වන ජීවීන්ට වෛරසය තර්ජනයක් විය හැකි බවට සංරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර ගෝරිල්ලන්, චිම්පන්සීන් සහ ඔරංඔටන් වැනි සතුන්ගේ අවදානම අවම කිරීමට පියවර ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි