×

නව අවුරුදු සැඳෑව සසල කළ අපරාධ 

ඊයේ රාත්‍රියේ ලොව පුරා සැමරුණු නව අවුරුදු සැඳෑවේදී, අන් සතුට ඉවසීමට අකමැති විනාශකාරීන් කිහිප දෙනෙක් විසින් සිදුකළ සාපරාධී ක්‍රියාවන් ද වාර්තා වේ.


තෝකියෝ දුම්රිය ස්ථානයේ පිහි ඇනුම්

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර දුම්රිය ස්ථානයෙන් නව අවුරුදු සන්ධ්‍යාවේ පිහි ඇනුම් සිද්ධි 3 ක් වාර්තා වේ. අදාළ පිහිඇනුම් සිදුකළ පුද්ගලයා, පොලිස් නිලධාරියෙකුගේ උරහිසකට ද පිහියෙන් ඇන ඇති බව CNN පුවත් සේවය සඳහන් කරයි. ඔහුගේ තුවාළ බරපතළ බව ද වාර්තා වේ. අපරාධකරු පිළිබඳ විමර්ශන පැවැත්වෙමින් තිබේ.

මෝටර් රියක් හිතාමතාම කඩා වැදිලා

මේ අතර ජපානයේ තෝකියෝ නුවර නව අවුරුදු සැඳෑව සමරමින් සිටි ජනතාව අතරට මෝටර් රථයක් කඩා වැදීම නිසා පුද්ගලයන් 9 දෙනෙක් තුවාළ ලැබූහ. රියැදුරා විසින් මෙය සිදුකර තිබෙන්නේ හිතාමතාම බව තෝකියෝ පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව තිබෙන්නේ හරජාකු දිස්ත්‍රික්කයේ ය. අති විලාසිතාකාරී ඇඳුම්වලින් සැරසී සිටීම සම්බන්ධයෙන් මෙම ප්‍රදේශයේ
යුවතියන් ප්‍රසිද්ධියක් උසුළයි. මේ නිසාම, නව අවුරුද්දේ ප්‍රීති වන ජනතාව අතර මෙය ජනප්‍රිය ස්ථානයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි