×

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නිව්යොර්ක් නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

නිව්යෝක්හි වෙසෙන සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සරණාගතයෙකු වේ.


සංක්‍රමණිකයන් පැමිණීම නිසා සිදු වූ හදිසි අර්බුදකාරී තත්වයක් හේතුවෙන් නිව්යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සැප්තැම්බර් මාසයේ සිට සාමාන්‍යයෙන් දිනකට බස් රථ පහක් හෝ හයක් පමණ නගරයට පැමිණෙන බව නිව්යෝර්ක්හි නගරාධිපති මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. ඔහු වැඩි දුරටත් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ නිව්යෝක් වැසියන් මේ සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති බවත්, තමාද ඒ සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට දකුණු මායිමේ සිට 17,000කට වැඩි පිරිසක් නගරයට පැමිණ ඇත. ඒ අනුව නිව්යෝක්හි වෙසෙන සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සරණාගතයෙකු වේ. මෙම තත්වය සීමා කිරීම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අපේක්ෂා කරන බව නිව්යෝක්හි බලධාරීන් විසින් අනාවරණය කර ඇත.


මෙලෙස ටෙක්සාස්, ඇරිසෝනා සහ ෆ්ලොරිඩා වැනි රිපබ්ලිකන් ප්‍රාන්ත මෑත මාසවලදී ඩිමොක්‍රටික් ප්‍රදේශවලට සංක්‍රමණිකයන් යවා ඇත. පැමිණෙන බොහෝ දෙනා පාසල් යන වයසේ දරුවන් සිටින පවුල් වන අතර ඔවුන්ට දැඩි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ඔහු පැවසීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි