×

නවසිලන්තය සියළු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරයි.

ප්‍රහාරය සිදු වී දින 6ක් ඇතුලත නවසීලන්තය විසින් සිදු කළ මෙම ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලත් වී ඇත‍


පසුගියදා නවසී ලන්තයේ ක්‍රයිස්චර්ච් හී මුස්ලිම් දේවස්ථාන දෙකකදී තුවක්කු කරුවෙකු විසින් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගියහ. ඒත් සමග නවසිලන්තය තුළ ගිනි අවි භාවිතය සම්භන්ධයෙන් නීති රීති සංශෝධනය කරන බවට තරයේ අවධාරණය කර සිටි එරට අගමැති ජෙසින්ඩා ආඩේන් පවසන්නේ මින් පසු රට තුළ සියළු අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය තහනම් වන බවයි.

ප්‍රහාරය සිදු වී දින 6ක් ඇතුලත නවසීලන්තය විසින් සිදු කළ මෙම ක්‍රියාව ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලත් වී ඇත‍

MSSA හෙවත් සියළු මිලිටරි අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ඇතුළු සියළු අධි ධාරිත මැගසීන් ගිනි අවිද තහනම් කෙරෙනු ඇති.

මේ සදහා නවසීලන්ත රජයට හිමි කරුවන්ගෙන් ආයුධ නැවත මිලදී ගැනීමට ඩොලර් මිලියන 100ත් 200ත් අතර වියදමක් දැරීමට සිදු වනු ඇති අතර එය සිය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා වන බැවින් එය වැය කරන බව අගමැතිවරිය පවසයි.

මෙතෙක් ගිනි අවි හිමිකරුවන් අමතමින් ඇය කියා සිටියේ ” ඔබ සියළු දෙනා නීතියට අනුව කටයුතු කරනු ඇති බවත්, ගොවිපළ හිමියන් ට තම වගා බිමි ආරක්ෂා කිරීම සදහා සත්ව සුභ සිද්ධිය සදහා ගිනි අවි භාවිතා කරනු ඇකි බවත්ය.

ජාතියේ අවශ්‍යතාව සදහා මෙවැනි පියවරක් ගන්නා බව නවසිලන්තයේ සිටින බහුතරයන් ගිනි අවි හිමිකරුවන් වටහා ගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. ඈ සියළු ගිනි අවි හිමි කරුවන් වෙනුවෙන් එසේ ප්‍රකාශ කර සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි