BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඔවුන්ට ජීවිතය අහිමි කළ අපේ කසල

නොදිරන අපද්‍රව්‍යය ගැටලුව තුන් වන ලෝකයේ රටවලට බලපාන බරපතල ගැටළුවක් බව බොහෝදෙනා කියති.

නොදිරන ද්‍රව්‍යය භාවිතයේ දුර්දාන්තමය පක්ෂය දැඩි කතාබහකට ලක්වන අන්දමේ ඡායාරූපයක් ඕස්ට්‍රේලියා ජාතික ඡායාරූප ශිල්පී ඇන්ඩි කෝබේ, ජන මාධ්‍යයේ පළ කරන්නට කටයුතු කර තිබිණ. මේ කියන ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොලිතින් බෑගයක් කකුල් දෙකෙහි නිය අග (නඛර අග)  පැටලීම නිසා හරියාකාරව ඉගිලෙන්නට හැටියක් නැතිව වධ විඳින මුහුදු ලිහිණියෙකි. පොලිතින් බෑගය ගලවා ගැනීමට මූදු ලිහිණිය දැඩි උත්සාහයක් ගන්නා ආකාරයත් කෝබේ දැක තිබේ. පොලිතින් බෑගය ගලවා ගැනීමට අසමත් වුණු මූදු ලිහිණියා අවසානයේදී බෑගයත් නඛර අතර රුවාගෙනම ඉගිලෙන්නට පටන්ගෙන ඇත. අවාසනාවකට, ඌට වායු කඳ කපාගෙන ඉහළ අහසට පිවිසෙන්නට කොහෙත්ම බැරි වී තිබේ.

මූදු ලිහිණියා ඉගිල යන්නට පළමුව, උපායන් යොදමින් ඌට සමීප වන්නට කෝබේ උත්සාහ ගෙන තිබේ. ඔහුගේ අරමුණ වී තිබී ඇත්තේ පක්ෂියාට උගේ පාද පොලිතින් බෑගයෙන් නිදහස් කර දීමයි. පැය දෙකක් පුරා දිග හැරුණු කෝබේගේ උත්සාහයන්ට මූදු ලිහිණියා හසු වී නැත. ඌ අන්තිමට ඉගිල ගොස් තිබේ. එය සෑහෙන තරෙම් සුළං සහිත කාලගුණ තත්ත්වය පැවැති දිනයක් වූ බැවින් මූදු ලිහිණියාට ඉගිලී යෑම බෙහෙවින්ම දුෂ්කර වූ බැව් කෝබේ පවසයි. ඒ වනවිට මූදු ලිහිණියා දැඩි ආතතියකින් සහ අන්තරාකාරී තත්ත්වයක පසු වුණු බැව් කොබේට දක්නට ලැබී ඇත. කෑම සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී නිසැකයෙන්ම ඌ ඉතා ඉක්මනින් මිය යන්නට ඇතැයි කියා ඔහු වැඩිදුරටත් පවසයි. කෝබේ මේ අවාසනාවන්ත සිද්ධිය දැක තිබෙන්නේ ස්කොට්ලන්තයේ මුහුදුබඩ පෙදෙසකදී  ය. !!

නොදිරන අපද්‍රව්‍යය ගැටලුව තුන් වන ලෝකයේ රටවලට බලපාන බරපතල ගැටළුවක් බව බොහෝදෙනා කියති.

ප්ලාස්ටික් අපද්‍රව්‍යය මුහුදට එකතු වීම ලොව කවර කලාපයකට වුව අද බරපතල ගැටළුවක් වී ඇත. එහි බරපතලකම කෙතෙක්දැයි කියා කිවහොත්  පැසිපික් සාගරයේ මහා අණ්ඩය හෙවත් “මහා කසළ පැච් එක” නමින් නොදිරන අපද්‍රව්‍යය සහිත කසළ පැච් එකකුත් නිර්මාණය වී තිබේ. එය මෙතෙක් අප සිතාගෙන සිටියාට වඩා දහසය ගුණයකින් විශාල බව විද්‍යාඥයෝ පසුගිය දා පෙන්වා දුන්හ. නොදිරන කැළි කසළ හෙවත් ප්ලාස්ටික් සහ පොලිතින් සහිත මේ කසළගොඩ තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි සිට හවායි දූපත් දක්වා වූ මුහුදු ප්‍රදේශවලයි. එම කසළගොඩ වර්ග කිලෝමීටර මිලියන 1.6ක සරියක් පුරා පැතිර ඇති බවටත් අඩුම තරමින් එහි ප්ලාස්ටික් කසළ ටොන් 80,000ක් ඇති බවටත් විද්‍යාඥයෝ අනුමාන කරති. එම කසළ ස්කන්ධය සමාන වන්නේ ජම්බෝ වර්ගයේ ජෙට් යානා 500ක බරටය. මුහුදෙහි පවත්නා නොදිරන මේ කසළ මූදු ජීවීන් ආහාරයට ගන්නවාට කිසිදු සැකයක් නැත. ආහාරයට ගත් පොලිතින් ජීර්ණය නොවීම නිසා මරණයට පත් දැවැන්ත මසුන්ගේ දේහ වෙරළ තීරවලට ගොඩගසා ඇති සැටි මාධ්‍ය වාර්තාවලින් කියවන්නට ලැබෙන්නේ එවැනි තත්ත්ව හේතුවෙනි.

මහා මුහුදට කැළි කසල එකතු කිරීමේ ඛේදවාචකයට ශ්‍රී ලංකාවේ අපත් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ඒ අනෙකක් නිසා නොව, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් වාර්ෂිකව, මුහුදට එකතු කරන පළමු රටවල් පහ අතර ශ්‍රී ලංකාවේ නම පස්වන තැනට සඳහන්ව ඇති බැවිනි. ඒ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට පළමුව සඳහන් වන්නේ පිළිවෙලින් චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල නම්ය. ප්ලාස්ටික් සහ පොලිතින් පරිහරණයේදී ඔබ අනුගමනය කරන වැරදි පුරුදු සාගරයේ ගොඩ ගැහෙන කුණුගොඩ වර්ධනය කරන්නට හේතුවක් වන බව මේ නිසා අමතක නොකරන්න. එයින් අහිංසක සතුන් දුකට පත්වීමේ ඛේදය කෝබේගේ ඡායාරූපයෙන් මොනවාට පිළිබිඹු වේ.

ඡායාරූප සබැඳුම

 http://www.dailymail.co.uk/news/article-6011927/Seagull-left-unable-fly-plastic-bag-acting-parachute.html


නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

error: Content is protected !!
error: Content is protected !!