×

අද පාකිස්ථානු මැතිවරණයේ ජය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට ද?

හමුදා පාලනය අවසන්ව එක් සිවිල් පුරවැසියකුගේ පාලනයකින් පසු තවත් සිවිල් පුරවැසියෙක් රට භාර ගන්නා දෙවන අවස්ථාව මෙය වෙයි.


පාකිස්ථානය ට නව නායකයෙකු තෝරා ගැනීම සඳහා මහ මැතිවරණය අද පැවැත්වේ.

මෙවර මැතිවරණය ඉතිහාසයේ වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියාවන් වාර්තා වූ මැතිවරණයක් ලෙස සැළකිය හැකි බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මැතිවරණය සඳහා ඡන්ද දායකයන් මිලියන 106ක් ලියා පදිංචි වී ඇති අතර එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් මෙන්ම ප්‍රාන්ත 4ක නියෝජිතයින් පත් කර ගැනිම අරමුණ වී ඇත.

මෙවර මැතිවරණයේදී හිටපු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ‍‍ඛාන් ගේ පක්ෂය සහ හිටපු නායක නවාස් ෂරීෆ් ගේ පක්ෂය අතර තරඟයක් පවතී. මැතිවරණ දූෂණ වැළැක්වීම සහ ආරක්ෂාව සැළසීම සඳහා 371000ට වැඩි හමුදා භටයන් පිරිසක් සේවයේ යොදවා ඇත.

පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවර මැතිවරණය ඓතිහාසික සංධිස්ථානයක් බවට පත් වී ඇත. පාකිස්ථානය බිහි වී වසයර 71ක් ගත වී පැවතියද එහි පැවති හමුදා පාලනය අවසන් එක් සිවිල් පුරවැසියකුගේ පාලනයකින් පසු තවත් සිවිල් පුරවැසියෙක් රට භාර ගන්නා දෙවන අවස්ථාව මෙය වෙයි.

නමුත් මෙවර මැතිවරණය මතභේදාත්මක මැතිවරණයක් ලෙස හඳුන්වා දී ඇත‍

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට මී ළඟ අගමැතිවරයා වනු ඇති බවට පූර්ව සමීක්ෂණ ප්‍රතිඵල මඟින් අනාවරණය වී ඇත‍.

මැතිවරණයේ අනෙක් පාර්ෂවයේ නායක හිටපු අගමැතිවරයා වන 68 හැවිරිදි නවාස් ෂෙරිෆ් මේ වන විට මූල්‍ය වංචා සම්බන්ධව වසර 10ක් සඳහා බන්ධනාගාර ගත කර ඇත. ඔහුගෙන් හිස්වූ පාකිස්ථානු මුස්ලීම් ලීගයේ නායකයා ලෙස කටයුතු කරන්නේ නවාස් ෂෙරිෆ් ගේ සොහොයුරු ෂේහෙබාස් ෂෙරිෆ් ය.

හිටපු නායිකා බෙනාසීර් භූතොගේ පක්ෂය නියෝජනය කරන ඇගේ පුත් 29 හැවිරිදි බිලාවල් භූතෝ සර්දාරී මැතිවරණයේ තෙවන ස්ථානයට පත්වනු ඇති බවටද පූර්ව අනාවැකි පළ වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි