×

ලංකාවේ දී මිය ගිය ඩර්හැම් රගර් ක්‍රීඩකයන් ට හෙරොයින් විකුණූ අයෙක් අත්අඩංගුවේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්තේ පදිංචි 38 හැවිරිදි අයෙකි.


ශ්‍රි ලංකාවේදී මිය ගිය ඩර්හැම් රගර් ක්‍රීඩක 26 තෝමස් බැටී හා 25 හැවිරිදි තේමස් හාවර්ඩ්. ගේ මරණයට හේතුව ඔවුන් විසින් ගබා ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය විය හැකි බව අනාවරණය විය. මේ වන විට එම මත්ද්‍රව්‍ය ඔවුන් වෙත අලෙවි කළ බවට සැක කෙරෙන පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

අත් අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්තේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

ශ්‍රී ලංකා රගර් හා පාපන්දු සම්මේලනය සංවිධානය කළ තරඟයකදී ලංකාවට එරෙහිව ඩර්හැම් හී RFC කණ්ඩායම නියෝජනය කළ මෙම ක්‍රීඩකයන් දෙදෙනා විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයා මාර්ගයෙන් හෙරොයින් මිලදී ගෙන ඇති බවට සැක කෙරේ.

පසුගිය මැයි 31 වන දා කොළඹ පිහිටි ක්ලියෝපැට්රා නම් සමාජ ශාලවට මොවුන් ගොස් ඇති අතර ඉන් පසු නැවත තමන් නැවතී සිටි හෝටගයට පැමීණ මඳ වෙලාවකට පසු දැනුම් දී ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවයි. ඉන්පසු ඔවුන්ව නව ලෝක රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුව එහිදී  මිය ගෝස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි