×

2022 පාපන්දු සත්කාරකත්වය කටාරයට අහිමිවේවිද?

2022 සත්කාරකත්වය සාර්ථක වනු ඇත්දැයි යන්න පිළිබඳව මේ වන විට කටාරය උග්‍ර අර්බුදයකට නැවතත් මුහුණ දී සිටී


සිය අසල්වැසි සහෝදර ඉස්ලාම් රටවල් විසින් සියළු රාජතාන්ත්‍රික සම්බන්ධතා නවතා තිබියදී මුහුණ දෙන්නට සිදු වූ සියලු බාධකද සමග 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා කටාරය මේ මෙහොතේද ලහි ලහියේ සූදානම් වන්නේ ඉතා උනන්දුවෙනි.

නමුත් 2022 පාපන්දු සත්කාරකත්වය ලබා ගැනීම සඳහා කටාරය විසින් රහසිගත ප්‍රයත්නයක යෙදුන බවට චෝදනාවක් මේ වන විට එල්ල වෙමින් පවතී.

සත්කාරකත්වය ලබා ගැනීම සඳහා තරග කළ අනෙකුත් රට වල් ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් හී ඉල්ලීම් කඩාකපල් කිරීමට කටාරය විසින් 2010 වසරේදී රහසිගත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගිය බව ජාත්‍යන්තර පුවත් පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත් පත  විසින් අනාවරණය කර තිබුණි. Exclusive: Qatar sabotaged 2022 World Cup rivals with ‘black ops’

පුවත් පත විසින් අනාවරණය කර ඇති පරිදි කටාරය විසින් ඕස්ට්‍රේලියාව සහ ඇමරිකානු වෑයම අසාර්ථක කිරීමේ අරමුණින් ඇමරිකානු මහජන සම්බන්ධතා ආයතනයක් හා සී අයි ඒ නිළධාරියෙකුව සේවයට ගෙන ඇත‍.

ඒ අනුව අදාල රටවල් වලට සත්කාරක අයිතිය ලබා නොදීමට මතවාදය සකස්කිරීමට කටාරය ගෙන ගිය මෙම ක්‍රියාමාර්ගය ෆිෆා පාපන්දු සම්මේලනයේ සත්කාරක ලංසු තැබීම් සදහා වන නීතී රීති වලට පටහැනි වීම කටාරයට එරෙහිව පවතින ප්‍රධාන චෝදනාවයි.

ෆිෆා සම්මේලනයේ නීති රීති වලට අනුව පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීම පිළිබඳව හා විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා සිදු කරන සියළු ලිඛිත හා වාචික ප්‍රකාශයන් නීති විරෝධී බවයි.

මින් පෙරද කටාරයේ පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමට කටයුතු කළ කණ්ඩායම ට චෝදනා එල්ල වී තිබුණද වසර දෙකක් පුරා පැවති විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදි කරුවන් විය. නමුක් ඔවුන් වෙත නැවතත් චෝදනා එල්ල වී ඇත්තේ සත්කාරකත්වය ලබා ගැනීමට ඔවුන් පාපන්දු සම්මේලනයෙ නීති රීති කඩ කිරීම සම්බන්ධවයි.

සත්කාරකත්ව අයිතිය ලබා ගැනීමට කටාරය විසින් ගනු ලැබූ බව සඳහන් සමහර ක්‍රියා මාර්ගයන්

  • ඇමරිකාව විසින් සත්කාරකත්ව අයිතිය ගත හොත් ඇමරිකාවට සිදුවන ආර්ථික අවාසි පිළිබඳව සෘණාත්මක අදහස් සහිත ලිපි ලිවීම වෙනුවෙන් පිළිගත් ජාත්‍යන්තර විචාරකයින් වෙත ඇමරිකානු ඩෝලර් 9000ක මිලක් ගෙවීම. හා එම වාර්ථා පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයට කටයුතු කිරීම.
  • අනෙකුත් රටවල් වල සත්කාරකත්වය පිළිබඳ අවාසි සහගත ප්‍රචාරයන් කිරීමට සෑම රටකින්ම ජනමාධ්‍ය වේදීන් , බ්ලෝග් සටහන් කරුවන් හා පිළිගත් චරිත වලට මුදල් ගෙවා ඔවුන්ගේ සේවය ලබා ගැනීම‍
  • ඇමරිකානු කායික අධ්‍යාපනය සම්බන්ධ ගුරුවරුන් මඟින් එරට කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයෙකු ලවා ඇමරිකාව විසින් සත්කාරකත්වය ලබා නොගත යුතු බවට ඇමරිකානු කොංග්‍රසයට යෝජනා කරවීම සහ එම මුදල් රටේ පාසල් දරුවන්ගේ ක්‍රීඩාව නැංවීමට යොදා ගත යුතු යැයි යෝජනා කරවීම.
  • ඕස්ට්‍රේලියාව විසින් සත්කාරකත්වය ලබා නොගත යුතු බවට එරට රග්බි තරඟයක් පවතින අතර තුර විරෝධතාවක් සංවිධානය කරවීම.

මේ ආකාරයේ නීති විරෝධී ප්‍රචාරණ ව්‍යාපාරයක් ගැන කටාරයට විරුද්ධව අදහස් ප්‍රකාශ වූ දෙවන අවස්ථාව මෙය වෙයි.

ඒ නිසාම 2022 සත්කාරකත්වය සාර්ථක වනු ඇත්දැයි යන්න පිළිබඳව මේ වන විට කටාරය උග්‍ර අර්බුදයකට නැවතත් මුහුණ දී සිටී.

කෙසේ වෙතත් මේ මොහෝත වන විටත් 2010 වසරේ සිටම කටාරය පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වෙමින් සිටී.

ටේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම අති විශාල ක්‍රීඩා පිටි නිර්මාණය කිරීමද මේ වන විට පවතින්නේ අවසන් මට්ටමේය.

මින් පෙර චෝදනාව සම්බන්ධවද එරට නව නායකත්වය විසින් නැවතත් විශ්වාසය තහවුරු කිරීමට පොරොන්දු වී ඇත.

කටාරයට මුහුණ දෙන්නට වන අනෙක් අර්බුදය වන්නේ 2022 තරඟය සඳහා තේරී ඇති කණ්ඩායම් 48 සම්බන්ධ කටයුත් කිරීම ලෝක කුසලාන තරඟාවලියක් සඳහා අත්දැකීම් නොමැති රටක් ලෙස කටාරය කෙසේ මුහුණ දෙනු ඇතිදැයි යන්නයි. මන්ද මේ වන විට තටාරය සිටින්නේ සිය අසල්වැසි රටවල් සමග රාජතාන්ත්‍රික අර්බුදයකය . එසේ වුවද පාපන්දු තරඟාවලියේදී සමහර තරඟ සිය අසැල් වැසියන් සමග බෙදා ගන්නට කටාරයට අවශ්‍ය වුද එය කෙසේ සිදු කරනවාදැයි යන්න ගැන කටාරයට තවමත් අදහසක් නැත.

මේ වන විට මේ සියළු තත්ත්වයන් පිළිබඳව ෆිෆා පාපන්දු බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

මේ වසරේ පාපන්දු කුසලාන තරඟාවලිය අවසන් වී සති දෙකක් ගෙවෙමින් පවතින මොහොතේදී මී ළඟ තරඟයේ සත්කාරක රට සම්බන්ධව හට ගෙන ඇති අර්බුදය විසදන්නට බලධාරීන් කෙසේ කටයුතු කරනු ඇතිදැයි යන්න හා ඔවුන්ගේ තීරණය කුමක් වේවිදැයි යන්න තවමත් අපැහැදිලිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි