×

ත්‍රිමාණ මුද්‍රණ ගිනි අවිය ”3D-printed gun” . ලෝකය කළඹයි.

" මේ ගිනි අවි භාගත කිරීමේ අවධිය'' ලෙසයි කෝඩි විල්සන් පවසන්නේ


ලෝකයේම අවධානය දිනාගත් ත්‍රිමාණ මුද්‍රණ තුවක්කුව ”3D-printed gun” නිපදවීමේ අවසරය සහ ඒ සම්බන්ධ සියළු අන්තර්ජාල ලිපි ගොනු .. මීට පැය කිහිපයකට පෙර ඇමරිකාව තහනම් කළේය.

ඇමරිකානු ජාතිකයෙක් වූ  කෝඩී විල්සන් විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම ත්‍රිමාණ මුද්‍රණ තුවක්කුව මුද්‍රණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පසුගියදා අන්තර්ජාලය වෙත වීඩියෝවක් නිකුත් කර තිබූ අතර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තු මේන්තුව විසින් එම සියලු වීඩියෝ පට ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇත‍.

මෙම ත්‍රිමාණ තුවක්කුව මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ජනතාව වෙත ලබා දීම සම්බන්ධව පසු ගිය ජූනි මාසයේදී ට්‍රම්ප් පාලනය විසින් අවශ්‍ය නීතිමය අවසරය ලබා දී තිබුණද ,

ඇමරිකාවේ ප්‍රාන්ත 8ක් සහ කොළොම්බියාව එරට රජයට එරෙහිව නඩු ගොනු කළේ රජයේ තීරණය වෙනස් කරන ලෙසයි. ඔවුන් කියා සිටියේ කිසිදු ආකාරයක නීතිමය තත්ත්වයක් හෝ අයිතිකරු සොයා ගත නොහැති මෙන්ම සයළු ආරක්ෂිත සීමාවන් බිඳ දමා ඇති මෙම මුද්‍රණය කළ හැකි තුවක්කුව ආරක්ෂාවට බරපතල අවධානමක් බවයි.

ඒ අනුව ඇමරිකානු පළාත් විනිසුරු රොබට් ලැස්නික් තාවකාලික අත්හිටුවීමේ නියෝගයක් මෙම මුද්‍රණ මෘදුකාංගය අන්තර්ජාලය වෙත නිකුත්කිරීමට හරියටම පැයකට පෙර ප්‍රකාශයට පත්කරන ලදී.

රට පුරා පාසල් ආශ්‍රිතව මෙන්ම පොදු ස්ථාන වල ඇති ත්‍රිමාණ මුද්‍රණ පහසුකම නිසා කිසිදු සීමාවකින් තොරව මෙම අවිය නාපදවා ගැනීමට ඖනෑම අයෙකුට ඉඩ ප්‍රස්ථාව සැළසෙනු ඇති බව එහිදී ප්‍රකාශ වී තිබිණ.

The weird and wonderful world of 3D printing

මේ පිළිබඳ විවාදය ආරම්භ වන්නේ 2013 වසරේදීය. ඒ මෙහි නිෂ්පාදකයා වන කෝඩි විල්සන් ප්‍රථම වතාවට සිය නිෂ්පාදනය පිළිබඳව ලෝකයට හෙළි දරවු කිරීමත් සමගිනි.

මේ පිළිබඳව ඔහු විසින් නිකුත් කළ වීඩියෝ පටය එරට ආරක්ෂක අංශ වෙත ලැබෙන්නට පෙර අදාල වීඩියෝ පටය වාර දස දහස් ගණනක් භාගත කර ගෙන තිබිණ.

ඒත් සමග ඇමරිකානු රජය මෙම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස අණ කරන ලදී.

තමන්ගේම ගිනි අවියක් ළඟ තබා ගැනීමට ඇමරිකාව තුළ ඇති නීතිය පෙන්වා දෙමින් මෙය නීති විරෝධී කිරීමට රෙහිව අදාල පුද්ගලයින් නීතිමය පියවර ගන්නේ මේත් සමගිනි.
ඒත් සමග අවියේ නිෂ්පාදක කෝඩි වින්සන් ට පක්‍ෂව මතවාදය සැකසෙමින් තිබුණේ “” මේ ගිනි අවි භාගත කිරීමේ අවධියයි” යන උධෘතයද සමගිනි.

මොකක්ද මේ ත්‍රිමාණ මුද්‍රණ තුවක්කුව

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් ඇති ඕනෑම අයෙකුට තමන්ගේම කියා ගිනි අවියක් නිපදවා ගැනීමේ පහසුකම මෙම මෘදුකාංගය මඟින් සළසා දී ඇත. ඉතා සරළ පියවරයන් කිහිපයක් අනුගමනය කරමින් ත්‍රිමාණ ම්‍රද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් හෝ පරිගණකය හා සම්බන්ධ කළ ප්ලිස්ටික් ම්‍රද්‍රණ යන්ත්‍රයක් මඟින් මෙම අවිය නිපදවා ගත හැකි වෙයි.

How to print your own firearm

මෙම ගිනි අවියේ භයානක කම වන්නේ එය ඕනෑම අයෙකුට මුද්‍රණය කළ හැකි වීමත් අනන්‍යතාව හෙළි කිරීමට සාක්ෂි නොමැති වීමත්ය. එමෙන්ම මෙම ගිනි අවි නිපදවීමට කිසිදු නීතිමය සීමාවක් නැති අතර එයට සීරියල්(කාණ්ඩ) අංකයක් නිකුත් නොකිරිණ.

මෙහි නිර්මාතෘ කෝඩි විලිසන් ට අයත් ගිනි අවි නිපදවීමේ ආයතනය විසින් ලෝහමය ම්‍රද්‍රණ යන්ත්‍රයක්ද නිපදවීමට කටයුතු කිරීමත් සමග මෙතෙක් ප්ලාස්ටික් ගිනි අවියක් නිපදාවා ගත් අයට ලෝහ ගිනි අවියක් නිපදවීමේ පහසුකමද ලබා දීමට නියමිතව තිබිණ.

ඇමරිකාව අද මෙම තහනම සිදුකළද  මේ මොහෝත වන විටත් මෙම සරල හා පහසු ත්‍රිමාණ ගිනි අවිය නිපදවන අයුරු හා ඒ පිළිබඳ සංකල්පයත් , තාක්ෂණයත් ලෝකය පුරා පැතිරී ගොස් හමාරය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි