×

අරීතා ෆ්‍රෑන්ක්ලින් … ඈ සමුගත්තාය.

ලොව උත්කෘෂ්ඨම කලාකරුවන් සිය දෙනා අතරේ කිහිප වතාවක්ම රැඳුනු ඈ1952 වසරේ සිට අද දක්වා සිය සංගීතය සිය ජිවිතය කර ගනිමින් බටහිර සංගීතයේ ඉහළින්ම වැජඹුණ කාන්තාව බවට පත් වුවාය.


වරක් දෙවරක් නොව 18 වතාවක්ම ග්‍රැමී සම්මානයට පාත්‍ර වූ අරිතා ෆ්‍රෑන්ක්ලින් පසුගිය දා මෙලොව හැර ගියාය.

ඒ ඇයට වයස අවරුදු 76 දීය.

American musician and Kennedy Center Honors Awards recipient Aretha Franklin (second left) is applauded by, from left, fellow honorees musician & composer Morton Gould (1913 – 1996) and actor Kirk Douglas, as well as First Lady Hillary Clinton and US President Bill Clinton during a reception in the East Room of the White House, Washington DC, December 4, 1994. (Photo by Mark Reinstein/Getty Images)

2010 වසරේදී පිළිකා රෝගය වැළදී ඇති බව හඳුනා ගත් පසුත් පසු ගිය වසර තෙක්ම ඇමරිකානු සංගීත ලෝලීන්ට පමණක් නෝව බටහිර සංගීතයේ ඉතා ක්‍රියාශීලී චරිතයක් වූ අරීතා සි සංගිත දිවිය ආරම්භ කලේ 1952 වසරේදීය.

ඇගේ සමුගැන්ම වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළ සුප්‍රසිද්ධ ගායක එල්ටන් ජෝන් පැවසුවේ.

singer Aretha Franklin is congratulated by former President George H.W. Bush after being awarded an honorary doctorate at Harvard University commencement, former New York Mayor Michael Bloomberg is in the center, in Cambridge, , MA on May 29, 2014. (Photo by Rick Friedman/rickfriedman.com/Corbis via Getty Images)

” අරීතා ෆ්‍රෑන්ක්ලින්ගේ සමුගැන්ම සංගීතයට ආදරය කරන සියලන් ශෝකයට පත් කළ බවයි.
ඇගේ දක්ෂතාව මම අදහනවා. ඇයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි. ඇයටත් පවුලේ සියල්ලන්ටත් මගේ ශෝකය.

බ්‍රීට්ල්ස් සංගීත කණ්ඩාමමේ සාමාජික පෝල් මැකාර්ට්නි ද අරිතා වෙනුවෙන් සිය ශෝකය පල කලේය. ”අපගේ ආත්මයන්ගේ රැජින, වසර ගණනාවක් තිස්සේ අපව සංගීතයට නැඹුරු කළ පෙර ගමන් කාරිය, ඇය නැති පාළුව අපට දැනේවි, නමුත් ඇගේ මතකයන් සහ සංගීතවේදිනියක් ලෙස ඇගේ ශ්‍රේෂඨත්වය සහ ඇගේ මානව දයාව සදාතනිකව අප හා ජිවත් වේවි.”

ඇය 1960 වසරේදී ගායිකාවක ලෙස සිය නාමය ඇමරිකානු සංගීත  ක්ෂේත්‍රයේ සනිටුහන් කළාය.

President Bush presents the Presidential Medal of Freedom, Wednesday, Nov. 9, 2005, to singer Aretha Franklin in the East Room of the White House. The Presidential Medal of Freedom is the nation’s highest civilian award, and recognizes exceptional meritorious service. (AP Photo/Evan Vucci)

Queen of Soul විරුධාවලිය උරුම කර ගත් ඇය 18 වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත. ලොව උත්කෘෂ්ඨම කලාකරුවන් සිය දෙනා අතරේ කිහිප වතාවක්ම රැඳුනු ඈ1952 වසරේ සිට අද දක්වා සිය සංගීතය සිය ජිවිතය කර ගනිමින් බටහිර සංගීතයේ ඉහළින්ම වැජඹුණ කාන්තාව බවට පත් වුවාය.

මේ වන වට 76 වන වියේ පසුවන ෆ්‍රෑන්ක්ලීන් ගේ “Respect” (1967), “Natural Woman” (1968) and “I Say a Little Prayer” (1968) ආදී නිර්මාණ ලෝකයම දිනා ගත්තේය.
සුප්‍රසිද්ධ කලාගාරයක් වූ Rock and Roll Hall of Fame හී දී සිය ගායනයක් සිදු කරන ලද ප්‍රථම ගායිකාව ඇයයි. ඒ 1987 වසරේදීය.

NEW YORK CITY – MAY 19: Donald Trump and Aretha Franklin attend Trump International Hotel and Tower Grand Opening on May 19, 1997 in New York City. (Photo by Ron Galella/WireImage)

ඇමරිකානු ප්‍රධානීන්ගේ නිරන්තර අගය කිරීමටත් ගේරවයටත් පාත වූ ඇය 2005 වසරේදී හිටපු ඇමරිකානු නායත් ජෝර්ජ් ඩබ් බුෂ් වෙතින් නිදහසේ ජනාධිපති සම්මානයයෙන් පිදුම් ලැබීය.
ඈ බැරැක් ඔබාමා ඇමරිකානු ජනපතිවරයාගේ දෑස් කඳුලින් පුරවන්නට සමත් වූයේ A Natural Woman (You Make Me Feel Like) ගීතය ගායනා කිරීමත් සමගිනි.

1942 වසරේදී උපත ලබා දශක ගණනාවක් ගායිතාවක් ලෙස ජාත්‍යන්තරය දිනූ අරීතා ෆ්‍රෑන්ක්ලින් අවසන් ගීත ඇල්බමය වූයේ සුප්‍රසිද්ධ “A Brand New Me” ඇල්බමයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි