×

‘Queen of Soul’ අරීතා ෆ්‍රෑන්ක්ලින් අසාධ්‍ය තත්ත්වයේ

''කාන්තාවන් කිසිසේත්ම සිටිය යුත්තේ පුරුෂයා යටතේ නොව ඔහුට සමාන්තරවයි'' ඒ ඈට ලොවට පසක් කරන්නට අවශ්‍ය වූ සත්‍යයි. ඇය සැබවින්ම එසේ කළාය.


දශක ගණනාවක් තිස්සේ අමරිකානු සංගීත ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වු අරීතා ෆ්‍රෑන්ක්ලීන් දරුණු ලෙස රෝගතුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Queen of Soul විරුධාවලිය උරුම කර ගත් ඇය 18 වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබා ඇත. ලොව උත්කෘෂ්ඨම කලාකරුවන් සිය දෙනා අතරේ කිහිප වතාවක්ම රැඳුනු ඈ1952 වසරේ සිට අද දක්වා සිය සංගීතය සිය ජිවිතය කර ගනිමින් බටහිර සංගීතයේ ඉහළින්ම වැජඹුණ කාන්තාව බවට පත් වුවාය.

මේ වන වට 76 වන වියේ පසුවන ෆ්‍රෑන්ක්ලීන් ගේ “Respect” (1967), “Natural Woman” (1968) and “I Say a Little Prayer” (1968) ආදී නිර්මාණ ලෝකයම දිනා ගත්තේය.
සුප්‍රසිද්ධ කලාගාරයක් වූ Rock and Roll Hall of Fame හී දී සිය ගායනයක් සිදු කරන ලද ප්‍රථම ගායිකාව ඇයයි. ඒ 1987 වසරේදීය

බැරැක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් ඇමරිකානු ජනපති වරුන්ගේ නිළ සමාරම්භක උත්සවයන්හීදී ඇ සිය ගායනයන් ඉදිරිපත් කර ඇත‍.

”කාන්තාවන් කිසිසේත්ම සිටිය යුත්තේ පුරුෂයා යටතේ නොව ඔහුට සමාන්තරවයි” ඒ ඈට ලොවට පසක් කරන්නට අවශ්‍ය වූ සත්‍යයි. ඇය සැබවින්ම එසේ කළාය.

ඈට ඉක්මන් සුව!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි