×

දරුවන්ට සිනහා ගෙනා බැරී චක්ල් ජීවිතයට සමුදෙයි.

ඔහු ළමා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් 2008 වසරේ විශේෂ ඇකඩමි සම්මානයකටද උරුමකම් කීය


ලෝක ප්‍රකට විනෝදාත්මක වැඩ සටහනක් වූ චක්ල් බ්‍රදර්ස් හී නිර්පාපකයා වන ලෝකප්‍රකට විකට රංගන ශිල්පී වූ බැරී චක්ල් පසුගිය දා සිය ජීවිතයට සමුදුන්නේය. මිය යන විට හැත්තෑ තුන් හැවිරිදි වියේ පසු වූ ඔහු ගේ සැබෑ නම් බැරී එලියට් Barry Elliott විය.

චක්ල් බ්‍රදර්ස් විකට වැඩසටහන් මාලාව බ්‍රිතාන්‍යයේ අති සුප්‍රසිද්ධ ළමා වැඩ සටහනකි. එමෙන්ම බී බී සී සේවයේ 1987 සිට 2009 වසර දක්වා ප්‍රචාරණය වූ “ChuckleVision,” නිසාද ඔහු ළමුන් අතර අතිශය සුප්‍රසිද්ධ චරිතයක් විය.

සිය සොහොයුරු පෝල් සමග චක්ල් බ්‍රදර්ස් වැඩසටහන් මාලාව ඉදිරිපත් කළ ඔහු 2018 වසරේ මුල් කාලයේ සිය සොහොයුරා හා චක්ල් ටයිම් නමින් චැනල් ෆයිව් නාලිකාව ඔස්සේ නව වැඩසටහනක් පවත්වාගෙන යමින් සිටියහ.

ඔහු ළමා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් 2008 වසරේ විශේෂ ඇකඩමි සම්මානයකටද උරුමකම් කී අතර දිගු කාලයක සිට රෝගාතුරුව සිටීම ඔහුගේ මරණයට හේතු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි