×

විලාසිතා මවන්නී –  අසුන් පිට යන සිරිවන්නාවරී

තායිලන්තයේ සිරිවන්නාවරී නාරිරත්න - Fashion Princess


The Fashion Princess of Thailand

ලෝකයේ ඕනෑම රජ පවුලක සිටින රාජකීයයන් රාජකීය මට්ටමෙන් අඳින පළඳින බව සැබෑවකි. එහෙම ඇන්ඳාට පැළැන්ඳාට ඔවුන් මෝස්‌තර නිරූපණයට යන්නේ නැත. එපමණක් නොව තමන්ගේම යැයි කියා ලේබල් ගසා ගත් විලාසිතා නිර්මාණ ආයතන පවත්වාගෙන යන්නේ ද නැත. ලෝකයේ අනෙක් කොයි තැනෙක වෙසෙන රාජකීයයකුවත් නොකරන ඒ වැඩ කරන කුමාරිකාවක් තායිලන්තයේ සිටින්නීය. මේ කතාව ඒ කුමාරිකාව ගැනයි.

හැඩට අඳින්නත් ඒ විලාසිතා නිරූපණය කරන්නත් පමණක් නොව අනෙක් අයව ලස්සන ලස්සන විලාසිතාවලින් සරසවන්නත් වෙහෙසෙන්නී තායිලන්තයේ සිරිවන්නාවරී නාරිරත්න කුමරියයි. තිස් එක හැවිරිදි ඈ තමන්ට පැවරී ඇති රාජකීය වැඩ රාජකාරිවල නිරත වන්නේ ඇස්බැන්ඳුමක් ලෙසින් යැයි කියා සඳහන් වේ. ඊට හේතුව තමන් සතු විලාසිතා ව්‍යාපාරයේ කටයුතුත් සමඟ ඈ කාර්යය බහුලවීමය. සිරිවන්නාවරී කුමරිය, තායිලන්තයේ වජිරලොන්ග්කොර්න් රජතුමා සිය දෙවන විවාහයෙන් ලද එකම දියණියයි.ඇගේ මව යුවාධිදා පොල්ප්‍රසෙර්ත් නමැති නිළියෙකි.

Princess Sirivannavari at Chanel at Paris Fashion Week in October 2017 | Swan Gallet | WWD | Rex | Shutterstock

Style icon: The princess, daughter of King Vajiralongkorn

ලොව ප්‍රධාන පෙළේ සඟරා කිහිපයක කවරයේ ඡායාරූප සඳහා සිරිවන්නවාරී කුමරිය පසුගිය කාලයේදී පෙනී සිටියාය. “වෝග් තායිලන්ඩ්”, “එලී තයිලන්ඩ්” සහ “හොංග් කොන්ග් ටැට්ලර්” යන සඟරා ඒ අතර ඇත. ප්‍රංශ විලාසිතා සතිය, මිලාන් විලාසිතා සතිය ආදී ලොව ප්‍රධාන පෙළේ විලාසිතා දැක්ම සඳහා සහභාගීවන්නටත් ඇයට අවකාශය ලැබී ඇත. ලෝක ප්‍රකට එවැනි විලාසිතා දැක්මවලදී ඈ තමන්ම නිර්මාණය කළ විලාසිතාවලින් සැරසී නිරූපණයෙහි යෙදුනු අවස්ථා ද බහුලය.

Princess Sirivannavari, pictured in blue, at Ellie Saab, Paris in October 2011

මේ අන්දමට විලාසිතා ක්ෂේත්‍රය තුළ සිරිවන්නාවරී කුමරියට කටයුතු කරන්නට ඉඩ ලැබුණේ ඈ 17 හැවිරිදි වියේ පසුවුණු කාලයේ සිටයි. මිලාන් විලාසිතා සතියට ආරාධිත නිර්මාණ ශිල්පියකු හැටියට සහභාගී වනවිට ඇගේ වයස අවුරුදු 17ක් පමණ වී යැයි සඳහන් වේ. එයින් වසර තුනකට පසු එනම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී ඈ ප්‍රංශ විලාසිතා සතියට සහභාගී වූවාය. එකල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ඈ පසුවුණේ 20 හැවිරිදි වියෙහි බව දැක් වේ. තායිලන්තයේ චුලාලොන්ග්කොර්න් විශ්වවිද්‍යාලයෙන් මෝස්‌තර නිර්මාණය පිළිබඳ උපාධියක් කුමරිය හිමි කරගන්නේ එයින් දෙවසරකට පමණ පසුවයි. අනතුරුව ඈ ප්‍රංශ විශ්වවිද්‍යාලයකින් මෝස්‌තර නිර්මාණ ශිල්පයට සම්බන්ධ පශ්චාද් උපාධියක් සම්පූර්ණ කරන්නීය.

ටැට්ලර් සඟරාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සිරිවන්නාවරී කුමරිය පවසා තිබුණේ තම අත්තම්මා – එනම් සික්‍රිට් රැජින සැබැවින්ම විලාසිතා ප්‍රිය කරන්නියක බවයි. තම පියාත් ඇඳුම් පැළඳුම්වල මහිමය ගැඹුරින් අවබෝධ කරගත් අයකු බව ඈ එහිදී පවසා තිබිණ.

සිරිවන්නාවරී කුමරිය ක්‍රීඩාවටත් දක්ෂ කුමරියෙකි. 2005 වසරේදී පිලිපීනයේ පැවැති 23 වන අග්නිදිග ආසියාතික ක්‍රීඩා උළෙලට තායිලන්තය නියෝජනය කළ බැඩ්මින්ටන් කණ්ඩායමට ඇයද ඇතුළත් වූවාය. කණ්ඩායම සිය රටට රන් පදක්කමක් රැගෙන ආහ. බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව කුමරිය අශ්වයන් පිට යෑමෙහි නිපුණත්වයෙන් ද හෙබි බව බොහෝදෙනෙකු දන්නේ නැත.

The royal waves to the crowds during the international competition in South Korea in 2014. The princess has represented her country in dressage and badminton

“… මම සතියකට දවස් හයක් පුහුණුවීම්වල යෙදෙනවා. මම පැය බැගින් අශ්වයන් තිදෙනෙකු පදිනවා. මට තුවාල සිද්ධවෙලත් තිබෙනවා. වතාවක් මගේ පාදයක බිඳුමක් ඇති වුණා. තවත් අවස්ථාවකදී මගේ වම් පතුල අනතුරට පත් වුණා. ඒත් මම පුහුණුවීම් කටයුතු අත හැරියේ නැහැ. මගේ ඉලක්ක වෙත ළඟා වෙන්න මම හැම පරිශ්‍රමයක්ම යොදනවා. …” යනුවෙන් සම්මුඛ සකච්ඡාවේදී ඈ වැඩිදුරටත් පවසා තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි