×

චීනයට සදහටම සමුදුන් ස්නේහවන්තිය ”ලියු සියා” බර්ලිනයට පාතබයි

ඉනික්බිති ඈ  සිය ජීවිතයේ ඉතිරි කාලය බර්ලිනයේ ගෙවා දමනු ඇත.


චීනයේ නූතන විප්ලවවාදියා හෙවත් ලියූ සියා බෝ Liu Xiaobo ගේ ආදරණීය බිරිඳ වන ලියු සියා Liu Xia නිවාස අඩස්සියේ de facto house arrest සිටිමින් අටවසරක සිරගත දිවිය අවසන් කර ඊයේ සදහටම චීනයට සමුදුන්නාය. ඒ සිය සැමියා ලියු සියා බෝ මිය ගොස් හරියටම වසරක් ගත වූ දිනට පසු දිනය.

ඉනික්බිති ඈ  සිය ජීවිතයේ ඉතිරි කාලය බර්ලිනයේ ගෙවා දමනු ඇත.

අනෙකාගේ විමික්තිය වෙනුවෙන් චීන රජයට එරෙහි වූ වරදට මින් පෙර සිර ගත වූ ඇගේ සැමියා ලියු සියා බෝ ඒ වරදටම නොබෙල් ත්‍යාගයේ හිමිකරුවාද විය . චීන ජාතික සාහිත්‍යධරයෙක් සේම මාව හිමිකම් ක්‍රියාකාරිකයෙක් ලෙස චීන ජන සිත් ඔහු දිනා ගත්තේ චීනයේ මැන්ඩෙලා යන අන්වර්ථ නාමයද සමගිනි. පසුගිය වසරේ ආමාෂයේ පිළිකාවක් නිසා මිය ගිය ලියු සියා බෝ මිය ගියේ වසර 11ක සිර දඬුවම් විදීමෙන් පසුවය.

ඔහුට බිරිඳ වූ ලියු ෂියා ද චීනයේ හතුරෙක් වූ යේ සිය ස්වාමියා ගිය මගම යමින් ගෙවූ ඇගේ සාහිත්‍යමය සටනේ ප්‍රතිපලයක් ලෙසය.

කිසිදු චෝදනාවක් නැතත් නිවාස අඩස්සියේ සිටින්නට සිදු වූ ලියු සියා වෙනුවෙන්න මානව හිමිකම් ආයතන රැසක් සටන් කරන ලදී. ඈ මින් පසු ජීවත් වන්නට තීරණය
කර තිබෙන බර්ලිනය අගනගරය වන ජර්මනියේ මානව හිමිකම ්ක්‍රියාකාරීන් විසින් චීන රජය වෙත කළ විවිධ අයුරේ බලපෑම් සහ ඉල්ලීම් හේතුවෙන් ඇයව මෙසේ නිදහස් කරන්නට චීන රජයට සිදුව තිබේ.

අට වසරක් තිස්සේ කිසිදු අයුරකින් බාහිර පුද්ගලයෙක් සමග සන්නිවේදනයේ නොයෙදෙමින් , කිස්දු අයුරකින් සිය වාසස් ථානයෙන් බැහැරට නොයමින් භාහිර ලෝකයෙන් මිදී මුළු මුනින්ම සිරගත ජීවිතයක් ගත කරන්නට සිදු වූ ඇයට අද ඉගිලෙන්නට හැකිව ඇතැයි චීන මානව හිමිකම් ක්‍රියා කාරීන් පවසයි.

ඈ පමණක් නොව ඇගේ සොහෝයුරාටද චීන රජයේ උදහසට වන්දි ගෙවන්නට සිදුව තිබේ. ලියු සියාට චීනයෙන් නිදහස් වන්නට අවසර දුන් චීනය ඇගේ සොයුරා ලියු හුයි ටබීජිං නගරයෙන් පිටට යන්නට හෝ තහනම් කර ඇත.

සිය සොයුරිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ ඔහු කියා සිටින්නේ ඈ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට චීනය හැර ගිය බවයි. මෙතෙක් ඒ වෙනුවෙන් සටන් කළ සියල්ලන් වෙනුවෙන් ඔහු සිය ආචාරය පුද කර ඇත.

චීනයෙන් මිදී විත් ජර්මන්යේ ටී ජෙල් ගුවන්තොටුපලට පැමිණි ඈ කිරිල්ලියක සිය ආදරණීයයන් වැළඳ ගත්තාය.

මා කුඩු වී ගියත් සදහටම ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි