මෙය සිදුවුණේ කැන්බරා නුවරදී සිදුකළ හදිසි ඡන්ද විමසීමක් ලෙස ය.
අභියෝගය පැමිණියේ Malcolm Turnbullගේම ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පීටර් ඩුටන් (Peter Dutton) වෙතිනි.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, පක්ෂ නායකයා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම සුදුසුදැයි ගතවූ දින කිහිපය තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබුණේ ඔහුගේ ජනප්‍රියත්වය ප්‍රශ්නගත වීමත් සමග ය. ප්‍රධාන පෙළේ දේශගුණික ප්‍රතිපත්ති වෙනසක් සම්බන්ධයෙන් කොන්සවේටිව් පක්ෂයෙන් ඔහුව දැඩි විවේචනයට ලක් වූ අතර, සඳුදා දිනයේ සැලසුම් කර තිබූ පරිදි ආණ්ඩුවේ කටයුතුවල නිරත වීමට ද ටර්න්බුල් අසමත් ව සිටියේය. ක්වීන්ස්ලන්තයේ අතුරු මැතිවරණ ගණනාවකින් ද ගතවූ ගත වූ කාලය තුළ ඔහුගේ ලිබරල් පක්ෂය එක දිගටම පරාජය ලබා තිබිණි. එසේම ලබන වසරේ මැයි මාසයට පෙර පැවැත්වීමට නියමිතව ඇති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ද, ටර්න්බුල්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි පරාජයක් අත් වනු ඇතැයි පක්ෂය තුළින්ම ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
කෙසේ නමුත් කැන්බරා නුවර අද දිනයේ පැවති පක්ෂ රැස්වීමේදී මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජනා වූයේ රැස්ව සිටි අයට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ය.
පක්ෂයේ මීළඟ නායකත්වය හෝ ටර්න්බුල්ගේ අභියෝගය ලෙසින් හඳුනාගෙන තිබුණේ අභ්‍යන්තර කටයුතු ඇමති ඩුටන් ය.
අවසානයේ ලිබරල් පක්ෂ නායකයා 48-35 ක් වශයෙන් හදිසි ඡන්දය ජය ගත්තේය.
කෙසේ නමුත් අද දිනයේ ජනප්‍රිය ඡන්දය අහිමි වීමෙන් පසු, තවදුරටත් සිය ධුරයේ කටයුතු කරන ලෙසට ටර්න්බුල් ඔහුට ඇරයුම් කළේය.
නමුත් ඩුටන් වහාම සිය කැබිනට් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පසු පෙළ අසුන් ගත්තේය.
Peter Dutton (R) has stepped down as Home Affairs Minister | BBC
කෙසේ වෙතත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි පක්ෂ නායකත්ව අර්බුදය තවම අවසන් නැත. ටර්න්බුල් හට ලැබී ඇත්තේ වැඩි ඡන්ද 13 ක් පමණි. හිටපු ඇමති ඩුටන් විසින් නැවත වරක් ටර්න්බුල් හට අභියෝග කිරීමට ඉඩ ඇති බව ද පැවසේ. කැබිනට් වගකීම්වලින් තොර හෙයින් දැන් ඔහුට වඩාත් නිදහසේ පක්ෂය තුළ කටයුතු කිරීමට ද ඉඩ ලැබේ.
‘‘මගේ රාජකාරිය වන්නේ අපි හැම කෙනෙක්ම සමගි වී එකට වැඩ කිරීම සඳහා කළ හැකි හැම දෙයක්ම කිරීමයි“ යැයි අගමැති මැල්කම් ටර්න්බුල් මේ සිදුවීමෙන් පසුව පැවසීය.
ගතවූ දශකය තුළ ඔස්ට්‍රේලියානු දේශපාලනය නායකත්වය පිළිබඳ කුමන්ත්‍රණ රැසකින් දෙදරුම් කෑවේය. පක්ෂයේම සාමාජිකයන් විසින් මෙම කාලය තුළ ධුරයේ රැඳී සිටි අගමැතිවරුන් තිදෙනෙකුට ධුරයන් අහිමි කර තිබේ. හිටපු අගමැති ටෝනි ඇබොට් ද මෙයට අයත් ය. එසේම ලේබර් අගමැතිවරුන් වූ කෙවින් රඩ් සහ ජුලියා ගිලාඩ් ට ද මෙම අභියෝගය නිසා නියමිත කාලය සම්පූර්ණ කිරීමට පෙර ගෙදර යාමට සිදුවිය.
මේ නිසා ඇතැම් විචාරකයෙකුට අනුව ඔස්ට්‍රේලියාව හැඳින්වෙන්නේ ‘ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ කුමන්ත්‍රණ අගනගරය‘ (Coup capital of the democratic world) වශයෙනි.
එසේම මෑත කාලයේ කිසිදු ඔස්ට්‍රේලියානු අගමැතිවරයෙක්, සිය සම්පූර්ණ ධුර කාලය වන වසර 3 සම්පූර්ණ කිරීමට ද සමත් වූයේ නැත.
එක්සත් රාජධානිය තුළ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ද අගමැතිවරයා ජනතා ඡන්දයෙන් තේරී පත් නොවේ. ඒ වෙනුවට පක්ෂයක හෝ සන්ධානයක නායකයා පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට සමත් වන විට ඔහු අගමැතිවරයා වශයෙන් පත් කර ගනියි.
මැල්කම් ටර්න්බුල් ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා බවට පත්වූයේ 2015 වසරේදී ටෝනි ඇබොට් මෙම නායකත්ව අභියෝගයෙන් පරාජය වීමත් සමග ය.
ඔස්ට්‍රේලියාව පිළිබඳ තවත් පුවත් මෙතැනින්