×

ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් විවාහ ගිවිස ගනී.

පසුගිය වසරේ ෆෝර්බ්ස් සඟරාව විසින් ඇය ලොව බලවන්තම ගැහැණුන් 100 දෙනාගෙන් අයෙක් ලෙසද නම් කළේය.


තමා සුපිරි බොලිවුඩු සහ හෝලිවුඩු නිළි ප්‍රියංකා චොප්රා සමග විවාහ ගිවිස ගත් බව ඇමරිකානු සුපිරි ගායකයෙක් සහ ගීත රචකයෙකු වන නික් ජෝනස් විසින් මාධ්‍යයට හෙළි කළේය.

ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය සිදු වූයේ ඉන්දියාවේ මුම්බායි නුවර පැවති ගිවිස ගැනීමේ උත්සවයකදීය. ඇමරිකානු ජාතිකයෙක් වූ Nicholas Jerry Jonas ද මෙදින ඉන්දීය ඇඳුමකින් සැරසී සිටීම කාගේත් සිත්ගත් දසුනක් වී ඇත.

කාලයක් තිස්සේ දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධ තාව ලෝකයට විවිධ කටකථා මවමින් තිබූ අතර ඔවුන් සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ගිවිස ගැනීම සිදු වුවද විවාහය සඳහා තවමත් දිනයක් වෙන් කර නොමැති බවද දන්වා සිටින ඔවුන් සිය විවාහ ගිවිස ගැනීමේ උළෙල ඡියා රූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබිණ.

2000 වර්ෂයේ ලෝක රූ රැජින කිරුළ පැළඳූ ප්‍රියංකා චොප්රා මේ වන විට ඉන්දීය චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක ප්‍රධාන චරිතය ට පණ පොවා ඇත.

බොලිවුඩයේ චිත්‍රපට සඳහා වැඩිම මිලක් අය කරන නිළියක වන ප්‍රියංකා චොප්රා කෙටි කාලයක් තුළ අත්පත් කරගත් සම්මානයක් හා ගෞරවයන් රැසකි.

මීට වසර දෙකකට පෙර ටයිම් සඟරාව විසින් ලෝකයට වඩාත්ම බලපෑම් කළ හැකි මිනිසුන් 100 දෙනාගෙන් අයෙක් ලෙස නම් කරන ලදී. එමෙන්ම පසුගිය වසරේ ෆෝර්බ්ස් සඟරාව විසින් ඇය ලොව බලවන්තම ගැහැණුන් 100 දෙනාගෙන් අයෙක් ලෙසද නම් කළේය.

බොලිවුඩ් ලේබලයෙන් මිදී හොලිවුඩයේද නිර්මාණ රැසක් සඳහා රංගනයෙන් දායක වූ ප්‍රියංකා Ventilator, Baywatch සහ A Kid like Jake වැනි චිත්‍රපට වල අති සාර්ථක ලෙස සිය රංගනය සිදු කළාය.

2018 වසරේ හැරී කුමරු හා මේගන් මාර්ක්ලේ විවාහයේ ආරාධිත අමුත්තියක් වූවාය.
ඈ හා විවාහ ගිවිස ගත් නික් ජෝනස් ඇයට වඩා දස වසරකින් ලාබාල එනම් වයස අවුරුදු 25ක් වන නැගී එන ඇමරිකානු ගායකයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි