×

හබල් දූරේක්ෂය ලෙඩ වෙයි

හබල් දූරේක්ෂයේ විභ්‍රණේක්ෂයක් ක්‍රියාවිරහිත වී ඇති බව සනාත වෙයි.


හබල් දුරේක්ෂය (Hubble telescope) සතුව විභ්‍රමණේක්ෂ හයක් ඇත. ඒවා මාදිලි දෙකකට අයත්ය. එක් මාදිලියක් හැඳින්වෙන්නේ පැරණි මාදිලිය නමිනි. පැරණි මාදිලියේ විභ්‍රමණේක්ෂ තුනක් තිබිණි.

අනෙක් මාදිලිය හැඳින්වෙන්නේ නව මාදිලිය යන නමිනි. නව මාදිලියේ විභ්‍රමණේක්ෂ තුනකුත් හබල් දුරේක්ෂය සතුය. පැරණි මාදිලියේ විභ්‍රමණේක්ෂවල ඇතිවුණු දෝෂ නිසා ඉන් දෙකක් මෙයට ඉහතදී අකර්මන්‍ය විණ.

පසුගිය දා ක්‍රියාවිරහිත තත්ත්වයට පත් වූයේ හබල් දූරේක්ෂය සතුව පැවැති පැරණි මාදිලියේ අවසන් විභ්‍රමණේක්ෂයයි.

ඒ සමඟම නව මාදිලියේ විභ්‍රමණේක්ෂයක් ක්‍රියාත්මක කළ හැකිදැයි කියා විද්‍යාඥයෝ සොයා බැලූහ.

නව විභ්‍රමණේක්ෂයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවත් අනාවරණය විණ. ඒ අනුව හබල් දූරේක්ෂය සතුව දැනට ඇත්තේ නව මාදිලියේ විභ්‍රමණේක්ෂ දෙකක් පමණි.

Hubble has been been operational for 28 years | NASA

Hubble has been been operational for 28 years | NASA

දැනට ක්‍රියා විරහිත තත්ත්වයට පත් නව මාදිලියේ විභ්‍රමණේක්ෂය ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ගත හැකිද යන්න පිළිබඳව මේ වනවිට සොයා බැලේ. මේ නිසා හබල් දූරේක්ෂයෙන් තොරතුරු ලබා ගැනීම අද වනවිට නතර කර දමා ඇතැයි කියා විද්‍යාඥයෝ පවසති.

දැනට ඉතිරිව පවත්නා විභ්‍රමණේක්ෂ දෙකම එකවර භාවිතයට ගනිමින් හබල් දූරේක්ෂය ක්‍රියාත්මක කරන්නට පුළුවන. එවිට එක් විභ්‍රමණේක්ෂයක් ක්‍රියා නොකරන විට එකක් ආධාරයෙන් හබල් දූරේක්ෂයේ කටයුතු පවත්වාගෙන යා හැකිය. ඒ ක්‍රමය අනුගමනය නොකරන්නේ නම් එකකට පසුව අනෙක් වශයෙන් විභ්‍රමණේක්ෂ දෙක භාවිතයට ගන්නටත් ඉඩක් තිබේ. මේ ක්‍රම දෙකෙන් කුමක් භාවිතයට ගන්නේ ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයන් තවමත් එකඟතාවයකට පැමිණ නැත.

There is great demand from astronomers to use Hubble | NASA/ESA/HUBBLE HERITAGE TEAM

There is great demand from astronomers to use Hubble | NASA/ESA/HUBBLE HERITAGE TEAM

හබල් දුරේක්ෂය තාරකා විද්‍යාඥයන්ට නැතිවම බැරි මෙවලමකි. එය භාවිතයට ගෙන නිරීක්ෂණයන් කිරීමටත්, දත්ත ලබාගැනීමටත් ඉහළ ඉල්ලුමක් ඇත. එනිසාම හබල් දුරේක්ෂය තාරකා විද්‍යාඥයෝ ඉතා ප්‍රවේසමෙන් භාවිතයට ගනිති. හබල් දුරේක්ෂයේ ආයු කාලය දීර්ඝ කරගැනීමටත් විද්‍යාඥයන්ට විශාල වුවමණාවක් ඇති වී තිබේ. එයට හේතුව එය අකර්මන්‍ය තත්ත්වයට පත්වුවහොත් භාවිතයට ගැනීමට ඒ හා සමාන වෙනත් දුරේක්ෂයක් නොතිබීමයි. ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය 2021 වනවිට ක්‍රියාත්මක තත්ත්වයට ගත හැකිවෙතැයි කියා අනුමාන කෙරේ. මේ නිසා හබල් දුරේක්ෂය, ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය ක්‍රියාත්මක තත්ත්වයට පමුණුවන 2021 වසර වනතුරුවත් පවත්වාගෙන යා යුතුව ඇත.

The James Webb Space Telescope will launch no earlier than 2021 | NASA

The James Webb Space Telescope will launch no earlier than 2021 | NASA

හබල් දුරේක්ෂය මානවයා තනන ලද ඉතා වැදගත්ම විද්‍යාත්මක මෙවලම හැටියට සැලකේ. එය ක්‍රියාත්මක තත්ත්වයට පමුණුවනු ලැබුවේ 1990 වසරේදීය.

Hubble has revolutionised our understanding of the cosmos| ESA/HUBBLE AND NASA

Hubble has revolutionised our understanding of the cosmos| ESA/HUBBLE AND NASA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි