×

ද. කොරියාව ප්‍රථම වතාවට බිහිරි පුද්ගලයින්ට ටැක්සි රියදුරන් වීමට අවස්ථාව සළසයි.

බිහිරි රියදුරන් සඳහා ආරක්ෂාකාරීව රථ පැදවීමේ මෙම අවස්තාව උදා වී ඇත්තේ දකුණු කොරියාව විසින් හඳුන්වා දෙනු ලබන නවතම මෘදුකාංගයක්ද සමඟිනි.


දකුණු කොරියාවේ සෝල් අගනුවර ටැක්සි රථ සේවය සඳහා බිහිරි රියදුරන් බඳවා ගැනෑම ආරම්භ කරන ලදී.

ඒ මේ සතියේ සිටයි.

බිහිරි රියදුරන් සඳහා ආරක්ෂාකාරීව රථ පැදවීමේ මෙම අවස්තාව උදා වී ඇත්තේ දකුණු කොරියාව විසින් හඳුන්වා දෙනු ලබන නවතම මෘදුකාංගයක්ද සමඟිනි.

“Goyohan Taxi,” හෝ “Silent Taxi” ලෙස මෙ මෘදුකාංගය හඳුන්වයි.

මෙම මෘදුකාංගයත් සමග මෙතෙක් බිහිරි පුද්ගලයින් රිය පැදවීම සම්බන්ධව ජනතාව අතර තිබූ බිය සහ අවිශ්වාසය දුරුවී යනු ඇත.

කොරියන් ටයිම්ස් නිව්ස් වෙබ් අඩවිය පවසන පරිදි මේ සතිය තු‍‍‍ළ බිහිරි රිය දුරන් දෙනෙක් ජවතාව වෙත ප්‍රවාහන සේවය ලබා දීම සඳහා කුලී රථ සේවාව ආරම්භ කර ඇත‍

communication-aiding technologyඑනම් සන්නිවේදන තාක්ෂණ තාක්ෂනික මෘදුකාංගය යොදා ගනිමින් බිහිරි රියදුරන් සඳහා මෙසේ රැකියා අවස්ථා උදා කාරිම සම්බන්ධව එරට ජනතාවගේ ප්‍රසාදය පල කර ඇත.

සෝල් නගරයේ සිසුන් කණ්ඩායමක් විසින් මෙම මෘදුකාංගය හඳුන්වා දී ඇති අතර එමඟින් සිදු වන්නේ පාරිබෝගිකයාගේ පණිවිඩය අකුරු බවට පත්වී බිහිරි රියදුරාට එම පණිවිඩය ලබා ගැනීමට හැකි වීමත් ඒ ඇසුරින් ඔහුට ගමනාන්තය දක්වා සිය රිය පැදවීමට පහසු වීමත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි