×

එංගලන්තයේ සිහින බොඳ කළ ක්‍රොයේෂියාව , ප්‍රංශය සමග අවසන් වටයට

තරඟයේ පළමු මිනිත්තු 4 තුළ එංගලන්තයේ ට්‍රිපියර් විසින් අනපේක්ෂිත පළමු ගෝලය වාර්ථා කිරීමත් සමඟ ඔවුන් ක්‍රොයේෂියාවට දැවැන්ත අභියෝගයක් විය.


සියළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ සිහින මොස්කව් භූමිය මත පතිත කරමින් ක්‍රොයේෂියාව 2018 ෆිෆා අවසන් තරඟයට සුදුසුකම් ලැබීය..

එය සැබවින්ම පාපන්දු ලෝක ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක් විය.

ගෝල 1-1 ක් ලෙස පළමු මිනිත්තු 90 පුරා කරට කර සටන් කළ දෙපිළ මිනිත්තු 30ක අමතර කාලයක් ලබා ගත් අතර 109 වන මිනිත්තුවේදී ජුවෙන්ටස් ස්ට්‍රිකර් ජයග්‍රාහී ගෝලය ක්‍රොයේෂියා පිළ වෙනුවෙන් ලබා ගත්තේය.

1990 පසු එංගලන්තය මෙවර ප්‍රථම වතාවට අවසන් පූර්ව තරඟයක් සඳහා සුදුසුකම් ලැබූ ඇතර තරඟාවලිය පුරා ඔවුන් අන් කවරදාකවත් නොවන ලෙස සිය දස්කම් පෙන්වන ලදී. සැබවින්ම ඔවුන් මෙතෙක් ආ ගමන දෙස බැලීමේදී අවසන් තරඟය සඳහා ඔවුන් ට තිබූ අවස්ථාව වැඩිය.

තරඟයේ පළමු මිනිත්තු 4 තුළ එංගලන්තයේ ට්‍රිපියර් විසින් අනපේක්ෂිත පළමු ගෝලය වාර්ථා කිරීමත් සමඟ ඔවුන් ක්‍රොයේෂියාවට දැවැන්ත අභියෝගයක් විය.

මිලියන 4ක ජනතාවක් සිටින ඉතා කුඩා රටක් වන කොයේෂියාව අවසන් වටයට මෙන්ම අවසන් පූර්ව වටයට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි.

1998 වසරේදී ප්‍රථම වතාවට ලෝක කුසලානයක් සඳහා සහභාගී වූ ක්‍රොයේෂියානු කණ්ඩායම මෙවර ලෝක පාපන්දු තරඟාවලියට පෙර ප්‍රංශය සමග පැවති තරඟ 5 දීම ප්‍රංශයට පරාජය වී ඇත‍.

1998 පසු මෙවර තරඟාවලිය තෙක්ම ලෝක කුසලාන තරඟාවලි සියල්ලකම මූලික වටයේදීම අසමත් වූ ක්‍රොයේෂියාව 2010 වසරේදී ලෝක කුසලානය සඳහා සුදුසුකම් නොලැබූ රටවලින් එකකි.

අද අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සැබවින්ම ඔවුන්ගේ වාසනාවක් විය හැකිය..
එමෙන්ම ඔවුන් කණ්ඩායමක් ලෙස සිය දක්ෂතාවන් මැනවින් පෙන්වන්නට වග බලා ගත්හ. මෙම ජයග්‍රහණය එහිද ප්‍රථිපලයකි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හී ක්‍රොයේෂියාව20 ස්ථානයේ ත් එංගලන්තය 12 වන ස්ථානයෙත් පසුවිය.

ඒ නිසාම සියල්ලන්ගේම බලාපොරෝත්තුව වූයේ එංගලන්තයේ ජයග්‍රහණයයි.

තරඟය අවසානයේ සිය බිඳුනු සිහිනය ගැන අදහස් පළ කළ එංගලන්ත නායක හැරී කේන්
It hurts, it’ll hurt for a while, but we can hold our heads up high. It was a fantastic journey, we got further than anyone thought we could

එය වේදනාත්මකයි,එය තව දුරටත් අපව රිදවාවි.. නමුත් අපට අපේ හිස් කෙලින් තබා ගෙන සිටිය හැකියි.. සැබවින්ම එය මනස්කාන්ත ගමනක් ..අනෙක් කිසිවෙක් නොසිතූ තරම් අපිට දුරක් ඒමට හැකි වුණා….

ලෙස ඔහු සිය අදහස් දැක්වීය…

සැබවින්ම ඔවුහු පරා ජිතයෝ නෙවෙති මන්ද ඔවුන් මෙතරම් දුර එනු එතැයි තරඟාවලියට පෙර තිබූ බලාපොරොත්තු අඩුය.. පාපන්දු ලෝකයේ මෙතෙක් ඉදිරයෙන් සිටි බොහෝ ස්පාඤ්ඤය, බ්‍රසීලය, ජර්මනිය ආදී කණ්ඩායම් මේ වන විටද ගෙදර ගොසිනි. එංගලන්තය මී ලග සෙනසුරාදා තෙවන ස්ථානය සඳහා බෙල්ජියම සමග තරඟ කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි