ඇපල් සමාගම විසින් සිය අලුත් අයිෆෝන් මාදිලියක් හඳුන්වා දෙන හැමවිටම ලෝකය නොසිතූ අපූර්වතම දෙයක් සිදු වෙයි. iPhone XS අලුත්ම ඇපල් අයිෆෝන් උපාංගය ද එසේ ය. එහි නවතම අංග බවට පත් ව තිබනේනේ වර්චුවල් සිම් එක, අප්ග්‍රේඩ් කිරීම් ඉතාම පහසු වීම සහ ඩේටා නොසෑහෙන්නට ඉතිරි වීමයි.
බොහෝ අය හඳුන්වා දෙන්නේ අද දිනයේ දොරට වඩින නවතම උපාංගය, මීළඟ පරපුරේ ඇපල් අයිෆෝනය ලෙස ය.
මෙමගින් ඇපල් සමාගම eSIM හෙවත් virtual SIM සංකල්පය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරවයි. eSIM යනුවෙන් අදහස් වන්නේ ඉලෙක්ට්‍රොනික සිම් කාඩ්පතයි.
සාමාන්‍යයෙන් අප මෙතෙක් භාවිතා කළ සිම් කාඩ් පත, ජංගම දුරකථනයට manually දමාගත යුතු කුඩා චිපයකි. බොහෝ ජංගම දුරකථන පරිශීලකයන් මෙම සිම් මාරු කිරීමේදී හෝ සිම් එකක් මොබයිල් ෆෝනයට දමා ගැනීමේදී ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දෙන බව නොරහසකි. බොහෝ දෙනෙකුට එය ප්‍රසන්න අත්දැකීමක් නොවේ. ඇමරිකාවේදී වුවත් මෙය සිදුකර ගැනීමට ඔබ විසින් සිම් අලෙවි කරන ස්ථානයක් වෙත ගොස් එය තමන් විසින්ම සිදුකර ගැනීමට අවශ්‍ය වේ. නමුත් eSIM එක virtual අත්දැකීමකි. එනම්, මෙහිදී ජංගම දුරකථන සේවා ජාලය වෙනස් කිරීමට එය අලුතෙන් දමාගැනීම අවශ්‍ය නොවේ. කළ යුතු වන්නේ ඇපල් අයිෆෝනයේ settings වෙනස් කිරීම පමණයි.
BBC
ඇපල් සමාගමේ මෙම නවතම ප්‍රවණතාවය මගින් ජංගම දුරකථන ජාල අතර ද තියුණු තරගයක් ඇති කර තිබේ. උදාහරණයක් වශයෙන් එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට මාරු වීමේදී අවම වශයෙන් පැය කිහිපයක කාලයක් ඒ සඳහා ගත වේ. මේ අනුව මෙම කාලය කපා හැරීම සඳහා ද නවතම ඇපල් eSIM ප්‍රවණතාවය මගින් බලපෑමක් සිදුකරනු ලබයි. මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති බොහෝ අය පවසන්නේ මෙම නවතම ප්‍රවණතාවය මගින් ක්ෂේත්‍රයේ අලුත් රැල්ලක් ඇති කිරීමට සමත් වන බවයි. එසේම eSIM සංකල්පය තුළ manual සිම් කාඩ්පතක් නිපදවීමේදී දැරිය යුතු වන භෞතික පිරිවැය ද සම්පූර්ණයෙන්ම පාහේ කපා හැරීමක් සිදු වේ.
සුප්‍රසිද්ධ Forbes සඟරාව මෙය හඳුන්වා දී තිබෙන්නේ ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙස ය.
එහි මිල ඩොලර් 999 කි. XS සහ XS Max යන ප්‍රභේද දෙකෙන් නවතම මාදිලිය අද දිනයේ හඳුන්වාදීමට නියමිත ය.
ඇපල් අයිෆෝන් රසිකයන් මේ වන විට නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ලෝකයේ නවතම ජංගම දුරකථන තාක්ෂණය සිය ජීවිතයට එක් කර ගන්නට ය.