×

දින නවයක් උමඟක් තුළ සිරවූ 13දෙනාම නිරුපද්‍රිතව සොයා ගැනේ..

අවුරුදු 15ත් 16ත් අතර ළමුන් 12 දෙනෙකු භූගත උමගක් තුළ සිරවී දින නවයකට පසු ඔවුන් නිරුපද්‍රිත බව අනාවරණය කර ගැනීමට හැකිවේ.


දින 9ක් තිස්සේ තායිලන්තයේ චියැංරායි හී උමඟක් තුළ අතුරුදහන් වූ පාපාන්දු කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලන්ම නිරුපද්‍රිතව සිටින බව අනාවරණය කරගත්  බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ජල ගැලීම සමග උමඟ තුළ සිරවී ඝන අඳුරේ දින 9ක් ගෙවා දැමු වයස අවුරුදු 12ත් 15ත් අතර  වන පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12ස් දෙනා හා 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණු කරුද යන සියල්ලන්ම නිරුපද්‍රිතව සිටන බව අනාවරණය කර ගන්නට හැකිවී තිබේ. ඔවුන් උමඟ තුළ වූ භූගත බෑවුමක රැඳෙමින් ජලයෙන් බේරී දින 9 ගෙවා ඇත.

මොවුන් සොයා දින 9ක් තිස්සේ අධික වර්ෂාවෙන් සිදුවූ බාධා නොතකමින් ඔවුන් සොයා මෙහෙයුම් සිදු කළ අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් ඇතුළු ජාතළුන්තර මෙහෙයුම් කණ්ඩායම් හා රොබෝවරුන් මෙන්ම ඩ්‍රෝණ යන්ත්‍රද මෙහෙයුම් සඳහා යොදා ගත්හ.

පෙර ලිපිය

දින 7ක් තිස්සේ උමගක සිර වී සිටින 13 දෙනෙකු සොයමින් ඔවුහු තවමත් සටන් කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි