×

ඔසාමා බින් ලාඩන් ගේ පුතු, 9/11 මොළකරුගේ දියණිය හා විවාහ වෙයි.

හම්සා බින් ලාඩන් යනු ඔසාමා බින් ලාඩන්ගේ දැනට ජීවත් වන භාර්යාවන් තිදෙනාගෙන් අයෙක් වන කයිරියා සාබර් ගේ පුත්‍රයා වෙයි.


අල්කයිඩා සංවිධානයේ හිටපු ප්‍රධානියා ඔසාමා බින් ලාඩන් ගේ පුත් හම්සා බින් ලාඩන් විසින් 9/11 ප්‍රහාරය මෙහෙය වු මෙහොමඩ් ආටා ගේ දියණිය විවාහ කර ගනී.

මේ පිළිබඳව බින් ලාඩන්ගේ අර්ධ සොහොයුරා විසින් ද ගාර්ඩියන් පුවත් පත වෙත පවසා ඇත්තේ ඔසාමා බින් ලාඩන් ගේ පුතු මේ වන විටත් අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන තනතුරක සිටින බවත් මීට වසර 7කට පෙර මිය ගිය සිය පියාගේ මරණයට පළිගැනීම ඔහුගේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

Ahmad al-Attas, brother of Osama bin Laden. Photograph: David Levene for the Guardian

හම්සා බින් ලාඩන් යනු ඔසාමා බින් ලාඩන්ගේ දැනට ජීවත් වන භාර්යාවන් තිදෙනාගෙන් අයෙක් වන කයිරියා සාබර් ගේ පුත්‍රයා වෙයි.

මේ වන විට හම්සා බින් ලාඩන් ජීවත් වන්නේ කොහේදැයි නිශ්චි නැතත් ඔහු ඇෆ්ගනිස්ථානයේ සිටින බවට සැකයක්ද පවති.

අල්කයිඩා සංවිධානයේ අනෙක් කාටත් වඩා බටහිර බුද්ධි අංශ නියෝජිතයන් මේ වන විට ඔහු පිළිබඳව අවධානයෙන් පසුවේ.

ඔහු විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටින මෙහොමඩ් ආටාගේ දියණිය ඊජිප්තු ජාතික කාන්තාවකි.

ඔසාමා බින් ලාඩන්ගේ තවත් පුත්‍රයෙක් වන සාද් 2009 වසරේදී ඇමරිකානු ඩ්‍රෝණ ප්‍රහාරයක් මඟින් ඝාතනය කරන ලදි. ඔසාමා බින් ලාඩන් විසින් ලියූ ලිපි වලින් ඔහු යෝජනා කර ඇත්තේ සාද්ගෙන් පසු හමාසා අල්කයිඩා නායකත්වයට සුදුසු බවයි.

Alia Ghanem at home in Jeddah, Saudi Arabia, with a picture of her son Osama bin Laden. Photograph: David Levene for the Guardian

ඔසාමා බින් ලාඩන්ගේ මව වන ආලියා ගනේම් පවසන්නේ තමන් කිසිසේත් තම මුණුපුරන් තම පුතු ගිය මග යාවියැයි අපේක්ෂා නොකළ බවත් . තම මුණුපුරා තමන් ඉදිරියේ සිටීනම් තමන් ඔහුට පවසන්නේ ” දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා..දෙපාරක් සිතන්න එබ කරන්න යන්නේ කුමක්දැයි කියා.. ඔබේ පියා ගිය මඟ නොයන්න .. ඔබ එබේ ආත්මය දරුණු සහ අයහපත් දෑ වලින් පුරවා ගන්නවා…”

බින් ලාඩන්ගේ දැනට ජීවත් වෙමින් සිටින භාර්යාවන් හා අනෙක් දරුවන් මේ වන විට සවුදි අරාබියේ රැකවරණය යටතේ ජීවත් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි