×

Time එක limit කරන්න ෆේස් බුක් ගෙනා අලුත්ම Tool එක.

නමුත් අන්තර්ජාලය හා තොරතුරු සන්නිවේදනය පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මෙය රැඩිකල් වෙනසක් නොවනු ඇති බවයි.


ෆේස් බුක්  සහ ඉන්ස්ටර්ග්‍රෑම්  ආයතන විසින් පරිශීලකයන් සඳහා කාලය කලමනා කරණය කර ගැනීම සඳහා කාලය සීමා කිරීමේ මෙවලමක්  (time limit tool ) හඳුන්වා දී ඇත.

You can access the tools on the settings page on either app by tapping “Your Activity” on Instagram or “Your Time on Facebook” on Facebook

එම පහසුකම හේතුවෙන් මින් ඉදිරියට තමන් කෙතරම් කාලයක් ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රැම් භාවිත කරනවාදැයි දැන ගත හැකි වෙයි.

එමෙන්ම තමන් මෙම සමාජ මාධ්‍ය කෙතරම් වෙලා පරිශීලනය කරන්නට බලාපොරොත්තුවනවාදැයි යන්න කල් තියා තීරණය කරන්නටද . මෙම පහසුකම තුළින් හැකි වෙයි. එවිට සිදුවන්නේ තමන් විසින් සකස් කළ කාලය අවසන් වනවාත් සමග ඒ ගැන පරිහීලකයා දැනුවත් කිරීමයි.

මේ පිළිබඳව සමහර පිරිස් පවසන්නේ මෙම පහසුකම වැඩි කල් බලනොපවත්වනු ඇති බවයි.

අද වන විට සමාජ මාධ්‍ය  පරිශීලකයන්ගේ කාලය සීමාවක් නොමැතිව ග්‍රහණය කරගනිමින් සිටින අතර ඔවුන්ගේ මානසික මට්ටම කෙරෙහිද බලපතල ලෙස හානි සිදු කරමින් සිටී. විශේෂයෙන් තරුණ පරම්පරාව සමාජ මාද්‍ය ඇසරේ ගත කරන කාලය වැඩිය.

නමුත් අන්තර්ජාලය හා තොරතුරු සන්නිවේදනය පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මෙය රැඩිකල් වෙනසක් නොවනු ඇති බවයි. මන්ද තමන් වෙනස් විය යුතු යැයි සිතන පිරිස්ට මෙම මෙවලම උපකාරී වුවත් තමන් කෙතරම් කාලයක් අදාල සමාජ මාධ්‍ය පරිශීලනය කරවාදැයි දැන ගිනීමට අවශ්‍ය නැති මෙන්ම අවබෝධයක් නැති පිරිස් වෙනස් නොවනු ඇති බව ඔවුන්ගේ මතයයි.

පසුගිය වසරේ දෙසැම්බරයේ සමාජ මා‍‍ධ්‍ය තුළ අසීමිතව කාලය ගත කිරීමේ හානි දායක බලපෑම් පිළිබඳ සිය බ්ලොග් අඩවියේ ෆේස්බුක් ආයතනය විසින් ලිපියක් පල කරන ලදී.
acknowledged the negative effects

එහිදී ඔවුන් දන්වා තිබුණේ මිචිගන් විශ්වවිද්‍යාලයේ විනාඩි 10කට වරක් ෆේස්බුක් වෙත ඇතුල් වෙන ශීෂ්‍යන්ගේ මානසික මට්ටම පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයකදී හෙළිවුනේ ඔවුන්ගේ තත්ත්වය එතරම් සුබදායක නොවන බව  ඔප්පු වී ඇති බවයි.

ඇමරිකාවේ සැන් ඩියාගෝ හී ජනතාව ඇසුරින් සිදු කළ පර්යේෂණයකදී පැහැදිලි වී ඇතිතේ දිනකට සිවුපාරක් පමණ ෆේස්බුක් හී පෝස්ට් විවෘත කරන (ක්ලික් කරන) වැඩි පිරිස කගේ මානසික සෞඛ්‍ය කෙසේවත් සුබදායී නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි