×

ෆ්ලෝරන්ස් ඇමරිකාවට අනතුරු අඟවයි.

මෙම සුළිකුණාටුව හේතුවෙන් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට තිබූ රැළි කිහිපයක්ම නවතා දමා ඇති බව වාර්ථාවේ.


පැයට කිලෝමීටර් 195ක පමණ වේගයෙන් ඇමරිකා එක්සත් ජනපදය වෙත ළඟා වෙමින් පවතින ෆ්ලොරන්ස් නම් සුළි කුණාටුව හේතුවෙන් අදාළ ප්‍රදේශ වල ජනතාවට ඉවත් වන ලෙස බළධාරීන් දන්වා තිබේ.

පසුගිය දශක දෙකක කාලයක් තුළ ඇමරිකාව මුහුණ දුන් විශාලතම සුළි කුණාටුව වන ෆ්ලෝරන්ස් හේතුවෙන් වැඩි බලපෑමක් සිදු වනු ඇත්තේ ඇමරිකාවේ උතුරු කැරොලිනා සහා වර්ජිනියා ප්‍රාන්ත වලටයි.

එම ප්‍රාන්ත වල විශේෂයෙන්ම වෙරළ ආශ්‍රිත ජනතාවට සම්පූර්ණයෙන්ම ඉවත් වන ලෙස දන්වා ඇත‍. මේ පිළිබඳව ඇමරිකානු ජාතික සුළි කුනාටු මධ්‍යස්ථානය පවසන්නේ මෙය අතිශය බරපතල අනතුරු ඇති කරවන සුළි කුනාටුවක් වනු ඇති බවයි.

මෙම සුළිකුණාටුව හේතුවෙන් එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට තිබූ රැළි කිහිපයක්ම නවතා දමා ඇති බව වාර්ථාවේ.

නැගෙනහිර වෙරළ ඔස්සේ ඇමෙරිකාවට ඇතුළු විය හැකි ෆ්ලෝරන්ස් වසරක් තුළ ඇමෙරිකාවට බලපාන හය වන සුළිකුණාටුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි