×

නයිජීරියානු ජනපති ධූරය නැවතත් බුහාරිට

76 හැවිරිදි බුහාරි මුහම්මදු නියෝජනය කළ ප්‍රගතිශීල් පෙරමුණ විසින් පළාත් 36කින් 19ක ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී


නයිජීරියානු ජනපතිවරණයෙන් හිටපු ජනපති මුහම්මදු බුහාරි නැවතත් ඉදිරි වර්ෂ 4 සදහ එරට ජනපතිවරයා ලෙස ජයග්‍රහණය කර ඇත‍. හිටපු අගමැති අටිකු අබුබකර් ඔහුගේ ප්‍රතිවාදියා වූ අතර ඔහු නියෝජනය කළ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය විසින් මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් සිටී,

76 හැවිරිදි බුහාරි මුහම්මදු නියෝජනය කළ ප්‍රගතිශීල් පෙරමුණ විසින් පළාත් 36කින් 19ක ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී විපක්ෂය ලබා ගත්තේ පළාත් 17ක ජයග්‍රහණය පමණි.
මිලියන 15.2ක ඡන්දය ජනපතිවරයා විසින් ලබා ගත් අතර විපක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වූයේ මිලියන 11.3කි.

හිටපු හමුදා සෙබළෙකු වූ බුහාරි මුහම්මදු විසින් පළමු වරට නයිජීරියානු ජනපතිවරයා ලෙස පළමු වරට 2015 වසරේ ජනපතිවරණයේදී ජයග්‍රහණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි