×

නයිජීරියාවේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවයි.

නයිජීරියාවේ මානුෂීය කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා තහවුරු කර තිබුණේ ප්‍රාන්ත 36 න් 33 ක ජනතාවට බලපා ඇති ව්‍යසනයෙන් මිලියන 1.3 කට අධික ජනතාවක් අවතැන් ඇති බවයි.


නයිජීරියාවට බලපෑ ව්‍යසනකාරී ගංවතුර හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 603 දක්වා ඉහළ ගොස් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

නයිජීරියාවේ මානුෂීය කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා තහවුරු කර තිබුණේ ප්‍රාන්ත 36 න් 33 ක ජනතාවට බලපා ඇති ව්‍යසනයෙන් මිලියන 1.3 කට අධික ජනතාවක් අවතැන් ඇති බවයි. අවම වශයෙන් වර්ග කිලෝමීටර් 3,400ක් පමණ ජලයෙන් යට වී ඇති අතර ජනාධිපති මුහම්මදු බුහාරි විසින් නිවේදනය කර තිබුණේ තත්වය සාමාන්‍ය අතට පත් කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.

මේ වන විට නොනවත්වා පවතින වර්ෂාව හේතුවෙන් නිවාස හා ආහාර අහිමිව අවතැන්ව සිටින බොහෝ දෙනා වෙත ප්‍රවේශ වීම අතිශය දුෂ්කර වී ඇති බව රාජ්‍ය ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි