×

ට්‍රම්ප් නිර්දේශ කළ ක්ලෝරෝක්වීන් භාවිතා කළ නයිජීරියානුවන් 3ක් රෝහල් ගත කරයි

නයිජීරියාවේ සෞඛ්‍ය නිලධාරීන් ක්ලෝරෝක්වීන් පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇත්තේ එරට පුද්ගලයින් තිදෙනෙකු මෙම ඖෂධය අධි මාත්‍රාවෙන් භාවිතා කර අසනීප තත්වයට පත් වීම හේතුවෙනි.


නයිජීරියාවේ සෞඛ්‍ය නිලධාරීන් ක්ලෝරෝක්වීන් පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇත්තේ එරට පුද්ගලයින් තිදෙනෙකු මෙම ඖෂධය අධි මාත්‍රාවෙන් භාවිතා කර අසනීප තත්වයට පත් වීම හේතුවෙනි.

ලාගෝස් ප්‍රාන්ත නිලධාරියෙක් පැවසුවේ ඖෂධය ගැනීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. පසුව කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා ක්ලෝරෝක්වින් භාවිතා කිරීමට එරෙහිව අනතුරු අඟවමින් නිලධාරීන් ප්‍රකාශයක් නිකුත් කළේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා බලවත් ඖෂධයක් වන ක්ලෝරෝක්වීන් ආහාර හා ඖෂධ පරිපාලන අමාත්‍යංශය විසින් අනුමත කර ඇති බවයි.

ට්‍රම්ප් විසින් මෙම ඖෂධය අනුමත කිරීම සමග නයිජීරියානුවන් අතර උනන්දුව වැඩි වූ අතර එම ඖෂධය තොග පිටින් ගබඩා කිරීමට උනන්දුවක් දැක්වූවීම හේතුවෙන් එහි විකිණුම් මිලද සීඝ්‍රයෙන් ඉහළ යන්නට විය.

එක් මිනිසෙක් පැවසුවේ ලාගෝස් ප්‍රධාන භූමියේ පිහිටි ඔහුගේ නිවස අසල පිහිටි ෆාමසියක ක්ලෝරොක්වීන් මිල මිනිත්තු කිහිපයකින් 400% කට වඩා වැඩි වූ බවයි. “මුල් මිල නයිරා 200 ක් , පසුව එය නයිරා 500 ක් (ඩොලර් 1.38 ක්) සහ පසුව මම එහි සිටියදී ම නයිරා 1,000 ක් (ඩොලර් 2.77 ක්) බවට පත්වුණා,” ඔහු පැවසීය.

ලාගෝස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යංශය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “කොරෝනා ආසාදනය වැළැක්වීමට හෝ කළමනාකරණය කිරීමට ක්ලෝරෝක්වින් ඵලදායී බවට කිසිදු සාක්‍ෂියක් නොමැති” බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි