×

නයිජීරියාවේ ආගමික පාසැල් ලෙස පවත්වාගෙන ගිය වධකාගාර හමුවේ

ඉතා උස් බිත්තිවලින් වට කර ඇති කුඩා කාමර සහිත මෙම වධාකාගාර කටු කම්බි වලින් ආවරණය කර ඇත.


මිනිසුන්ට දරා ගත නොහැකි දඩුවම් ලබා දුන් ඔවුන්ව වහල් සේවයේ යෙදවූ නයිජීරියානු වධකාගාකාරයක් පිළිබදව තොරතුරු අනාවරණය වේ.

නයිජීරියාවේ කඩූනාහී ඉස්ලාම් ආගමික පාසැලක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මෙම වධකාගාරයේ සිරකරගෙන සිටි පිරිමි දරුවන් සහ තරුණයින් 500 දෙනෙකු මුදවා ගැනීමට එරට පොලිසියට හැකි වී ඇත.


මෙම වධකාගාරය ඉස්ලාමීය පාසැල් ආශ්‍රිතව පවත්වා ගෙන ගොස් ඇත. නයිජීරියානු පොලීසිය පවසන්නේ මෙහි රදවාගෙන සිටි පිරිස් වධහිංසාවට ලක් කර ඇති බවයි.

නයිජීරියාවේ ඉස්ලාම් භක්තික පවුල් බොහොමයක දෙමවු පියන්ට සිය දරුවන්ට පාසැල් අධ්‍යාපනයක් ලබා දීමට ආර්ථික ශක්තියක් නොමැත. එබැවින් ඔවුන්ව Koranic නමින් හදුන්වන විශේෂ ආගමික පාසැල් වෙත යවනු ලබයි. මේ පිළිබදව ගවේශනයේදී හෙළි වී ඇත්තේ එරට මෙවැනි පාසැල් මෙලෙස වධකාගාර ලෙස පවත්වාගෙන යන බවයි.

මෙම පාසැල පවත්වාගෙන ගිය පුද්ගලයින් හත් දෙනෙක් සහ ගුරුවරුන් අත් අඩංගුවට ගැනීමට එරට රජය පියවර ගෙන ඇත.මෙම වධකාගාරයේ සිට මුදා ගත් ඉසා ඉබ්‍රහිම් නැමති 29 හැවිරිදි තරුණයෙකු බී බී සී පුවත් සේවය හා කළ සාකච්ඡාවකදී පවසා ඇත්තේ සිය පවුලේ සාමාජිකයන් සිය එදිනෙදා චර්යාවන් හැඩ ගැස්වීම සදහා මෙම පාසැලට යවන ලද බවයි.

තමන්ට ලබා දුන් දඩුව්ම ගැන විසුතර කළ ඔහු සිය පය දම්වැලකින් බැද තබා තිබූ බවත් එසේ බැද දැඩි ලෙස තමන්ට වධහිංසා කළ බවත්ය. සිය දෑත් බැද වහලයේ තමන් එල්ලා තැබූ බවත් ඔහු පවසයි.

නින්දට ගිය පසු ඔවුන්ව අවදි කරන්නේ කසයකින් පහරදීමෙන් බව පවසන ඔහු රැදවියන් කුස ගින්නේ හාමත්ව සිටින අතර ඉද හිට බත් පමණක් සුළු ප්‍රමාණයක් ආහාරයට දෙන බව ඔහු පැවසීය.

සියළු රැදවියන් ඉතා දුර්වල මෙන්ම වධහිංසා වලට ඔරොත්තු නොදෙන මට්ටමට ඔවුන්ව පීඩාවට පත් කර ඇති බව ඔහු පැවසීය. මෙම පාසැල් එරට ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන්නේ වැරදි කරන දරුවන් සහ තරුණයින් නිවැරදි කරන මථ්‍යස්ථාන ලෙසයි.

ඉතා උස් බිත්තිවලින් වට කර ඇති කුඩා කාමර සහිත මෙම වධාකාගාර කටු කම්බි වලින් ආවරණය කර ඇත. නමුත් පිටත සිට බලන්නෙකුට එහි ඇතුලත සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැක ගත නොහැකි ලෙස පිටත සකසා ඇත.

සිය දරුවන් යහමගට ගැනීම සදහා පාසැලට භාර දුන් පසු නැවතත් සිය දරුවන් බැලීමට යෑමට දෙමවුපියන්ට අවස්ථාව සළසා දෙනු නොලැබේ.

නමුත් ඇතැම් දෙමවුපියන්ගේ මතය වී ඇත්තේ සිය දරුවන් මෙවැනි ආගමික පාසැල් වලදී යහමගට හරවා ගත හැකි බවයි. නයිජීරියානු රජය පවසන්නේ මෙම ආගමික පාසැල් සියල්ල මින් පසු පරීක්ෂාවට ලක් කරන බවයි. එරට ජනපති මුහම්මදු බුහාරි සියළු ආගමික නායකයින් වෙත අවධාරණය කර ඇත්තේ මෙවැනි ක්‍රියා නැවතීමට වහා කටයුතු කළ යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි