×

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැලඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇත.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Clara Chizoba  විසින් නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, ‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බවයි .

වැඩිදුරටත් සඳහන් වන්නේ, වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැලඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි