×

ට්‍රම්ප් ගේ ‘කොරෝනා බෙහෙත’ ගැන ජාතික සෞඛ්‍ය ආයතන අධ්‍යක්‍ෂක දැඩි විශ්වාසයෙන්

එම එන්නත් සීඝ්‍ර කිරීමේ වැඩපිළිවෙල මෙම වර්ෂය අවසානය වන විට රට තුළ කොවිඩ්-19 තත්ත්වයට සාර්ථක හා කාර්යක්ෂම එන්නතක් නිර්මාණය කරනු ඇති බවට හෙතෙම පැවසීය.


එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (US National Institutes of Health) අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් මහතා එරට ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කොරෝනා මර්දන ඖෂධ වැඩපිළිවෙල පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලන ඒකකය විසින් හඳුන්වා දුන් “ඔපරේෂන් වෝප් ස්පීඩ්” (Operation Warp Speed) නම් එන්නත් ලබාදීම සීඝ්‍ර කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය කොලින්ස් මහතා පවසා සිටියේ එය කොරෝන වසංගතය පාලනය කිරීමට අර්ථවත් මැදිහත්වීමක් ලබාදෙනු ඇති බවයි.

එම එන්නත් සීඝ්‍ර කිරීමේ වැඩපිළිවෙල මෙම වර්ෂය අවසානය වන විට රට තුළ කොවිඩ්-19 තත්ත්වයට සාර්ථක හා කාර්යක්ෂම එන්නතක් නිර්මාණය කරනු ඇති බවට හෙතෙම පැවසීය.

එමෙන්ම, 2021 මුල් කාලසීමාව වන විට මාත්‍රා මිලියන 300 පමණ ලබාදිය හැකිවනු ඇති බවද ජාතික සෞඛ්‍ය ආයතන අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව, එළඹෙන සැප්තැම්බර් මස වන විට කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන තුළ රැපිඩ් පරීක්ෂා මිලියන 1ක් පැවැත්වීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත්, ඒ හරහා වසා දැමූ පාසල් යලි විවෘත කිරීමට හැකිවනු ඇති බවත් කොලින්ස් මහතා පෙන්වා දුන්නේය.

ඇමරිකාව තුළ මේ වන විට වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,801,912 වන අතර, මරණයට පත් සංඛ්‍යාව 131,027 ලෙස සටහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි