×

ප්‍රංශයේ නිවාඩු නිකේතනයක ගින්නක්!

ප්‍රංශයේ ආබාධ සහිත පුද්ගලයින් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනෙක් අතුරුදන් වූ දෙදෙනා ද මියගොස් ඇතැයි බිය පල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බදාදා (අද) දින එහි ප්‍රාදේශීය වේලාවෙන් 06:30ට පමණ හදිසි සේවාවලට දැනුම් දීමෙන් පසු ලා ෆෝජ් හි හටගත් ගින්නට ගිනි නිවන භටයන් […]


ප්‍රංශයේ ආබාධ සහිත පුද්ගලයින් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනෙක් අතුරුදන් වූ දෙදෙනා ද මියගොස් ඇතැයි බිය පල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බදාදා (අද) දින එහි ප්‍රාදේශීය වේලාවෙන් 06:30ට පමණ හදිසි සේවාවලට දැනුම් දීමෙන් පසු ලා ෆෝජ් හි හටගත් ගින්නට ගිනි නිවන භටයන් 80කට ආසන්න පිරිසක් එම ස්තානයට යවන ලදී.

අතුරුදහන් වූ පුද්ගලයන් 11 දෙනාම “මරණයට පත් වී ඇතැයි” නිගමනය කරනු ලබන බව ප්‍රාදේශීය නිලධාරියෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ගොඩනැගිල්ලෙන් පුද්ගලයින් 17 දෙනෙකු ඉවත් කර ඇති අතර එක් අයෙකු පමණ රෝහල් ගත කර ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි