×

කිම් ජොන්ග් උන් ගෙන් ට්‍රම්ප්ට ලිපියක්!

මිසයිල අත්හදා බැලීම හා න්‍යෂ්ටිකකරණය නතර කිරීම පිළිබඳ ට්‍රම්ප් සහ කිම් පසුගිය වසරේ ජූනි මස සිට මේ වන තුරු තෙවරක් මුණගැසී ඇති මුත්, ඒ කිසිදු හමුවීමක සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී නොතිබිණි.


උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්යොංයැං හිදී හමුවීමට ලිපියක් මඟින් දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

දකුණු කොරියානු පුවත්පතක් වන ජූන්ගැන්ග් ඉල්බෝ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේ යැයි උපුටා දක්වමින් අද (16) දින පවසා සිටියේ, පසුගිය අගෝස්තු මස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇමරිකානු ජනාධිපිති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දෙවන වරටත් ලිපියක් මඟින් දැනුම් දී තිබෙන්නේ දෙපාර්ශවය අතර තාවකාලිකව ඇණහිට තිබෙන න්‍යෂ්ටිකකරණය නතර කිරීම (denuclearisation) පිළිබඳ සාකච්ඡා ඉදිරියට පැවැත්වීමට සමුළුවක් සූදානම් කිරීමට තමා එකඟ බවයි.

මෙම ලිපියේ දින සටහන් ව තිබෙන්නේ උතුරු කොරියාව පසුගිය සතියේදී අත්හදා බැලූ කෙටි-පරාස ප්‍රක්ෂේපන දියත් කිරීමට ද පෙරාතුව බව එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි. 

කෙසේවෙතත්, මේ පිළිබඳ ඇමරිකානු ධවල මන්දිරය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු මෙහෙයුම් එකකය යනාදී ආයතන වලින් කළ විමසීමකදී ප්‍රතිචාරයක් දක්වා නැත. 

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම හා න්‍යෂ්ටික අවි වැඩසටහන් පිළිබඳ අර්බුද විසඳීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් පසුගිය වසරේ ජූනි මස සිට මේ වන තුරු තෙවරක් මුණගැසී ඇති මුත්, ඒ කිසිදු හමුවීමක සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී නොතිබිණි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි