×

උතුරු කොරියාව යලි කුපිත වෙයි! ඇමරිකාවට එරෙහි අවි අමෝරයි!!

ඇමරිකාවට වන්දි ගෙවීමට සිදුවේවී.... උතුරු කොරියාවෙන් තර්ජනයක්!


ඇමරිකා එක්සත් ජනපදයට එරෙහි යලි වාග් ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාව කටයුතු කොට තිබේ. ඒ, මෑත දිනක එක්සත් ජනපදය විසින් නිකුත් කළ “මානව හිමිකම් පිළිබඳ වාර්තාව” තුළ උතුරු කොරියාව පිළිබඳ අඩංගු කරුණු සැලකිල්ලට ගනිමිනි.

උතුරු කොරියාවට එරෙහි “ද්වේශ සහගත ප්‍රකාශ” සිදු කිරීම මඟින් කොරියානු අර්ධද්වීපයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට වොෂිංටනයට අවශ්‍යව ඇති බවට කිම් ජොන් උන් ප්‍රමුඛ රජය පවසයි.

කේසීඑන්ඒ පුවත් සේවය අද (21) දින නිකුත් කළ වාර්තාවකට අනුව, උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් වොෂිංටනයට දරුණු අනතුරු ඇඟවීමක් සිදුකොට තිබේ. ඒ අනුව, තම රාජ්‍යයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කොට ඇති ඇමරිකාව කොරියානු අර්ධද්වීපය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට අර අදින බවත්, මේ පිළිබඳව යම් දිනක ඇමරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටත් ඔහු තර්ජනාත්මක ස්වරයෙන් පවසා තිබේ.

පසුගිය බදාදා (18) දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී උතුරු කොරියාවේ නිමා නොවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් බොහොමයක් විසින් බරපතල කරුණු දැක්වීමක් සිදු කළ අතර, මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හෙලා දැකීමකට ලක්විය.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ ප්යොංයැංග් නියෝජිත මෙම කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර සිටියේය.

අසාර්ථක වූ න්‍යෂ්ටිකකරණය වැළැක්වීමේ සාකච්ඡා හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමනාපයෙන් පසුවන උතුරු කොරියාව මෑත දින වලදී අවි අත්හදා බැලීම් මාලාවක් ම සිදු කරන ලදී.

එබැවින් උතුරු කොරියාව තුළ උණුසුම්කාරී වාතාවරණයක් මතුව ඇති බවට බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර, හුදකලා රාජ්‍යයක් වශයෙන් උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදයට යුධ ප්‍රකාශ කිරීමේ අවදානමක් පවතින බවත්, ඒ සඳහා මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුවන බවත් විද්වත්හු පෙන්වා දෙති.

ලෝකයටම සුභ අනාගතයක්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි