×

දෙවන ලෝක යුද්ධයට පසු, ප්‍රථම වරට මෙවර නත්තලේ දී නිහඩ වන නෝත්‍රේදාම් දෙව් මැදුර

මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි


 

පැරීසියේ නෝත්‍රේදාම් දෙව් මැදුරේ දොර මෙවර නත්තල් දිනයේදී කිතුණූවන් වෙනුවෙන් වැසී ඇත. ඒ් මීට වසර 200කටත් ඒහා දීර්ඝ කාලයකට පසු ප්‍රථම වතාවටයි. ඒ 1803 වසරේ දෙවන ලෝක යුධ සමයෙන් පසුවයි.

2019 වසරේ අප්‍රේල් මස ඇති වූ හදිසි ගින්නක් නිසා දැවී විනාශ වී ගිය නෝත්‍රේදාම් දෙව් මැදුර කිතුණූ ලෝකයේ තිබූ පැරණිතම සිද්ධස්ථානයන්ගෙන් එකකි. එය වසර 850ක පැරණිය.

ඇති වූ ගින්නෙන් දෙවු මැදුරේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර .දේවස්ථානයේ ප්‍රධාන සීනුවද දේවස්ථාන ගොඩනැගිල්ලේ පෞරණික කොටසට දැඩි හානි සිදුවිය. ප්‍රංශ ජනපතිවරයා මේ පිළිබදව සිදුවීමෙන් පසු පවසා සිටියේ දේවස්ථානය යළි පෞරාණිකත්වය රැකෙන අයුරින්ම ගොඩනැගීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇති බවද එහිදී ප්‍රකාශ විය.

ප‍්‍රංශයේ හදවත ලෙස සලකන මෙම දේවස්ථානය ප‍්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල්කඩයි . පැරණි ප‍්‍රංශ ගොතික් කලාවෙන් පිරිපුන් අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ වලින් යුතු මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව ඉදිකිරීම් සදහා වසර 200 කට වැඩි කාලයක් වැය කොට ඇත.

සුප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප‍්‍රකාශයට පත්කෙරුණු, නෝත්ර දාම් ඩි පැරීස් නම් ලෝක ප‍්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගනු ලැබීය.

මෙවර නත්තල මෙම දෙවුමැදුරේදී  සැමරීම සදහා කිතුණු භක්තිකයන්ට අවස්ථාව නොලැබෙන බැවින් ඒ වෙනුවෙන් මෙවර මෙහෙය ශාන්ත ජර්මේන් එල් ඇක්සෙරොයිස් දේවස්ථානයේදී පැවැත්වෙන බව ඒජන්ස් ප්‍රංශ-ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි